ශ්‍රී ලංකාව සුපිරි 12 වටයේ පළමු කාණ්ඩයට ; ශ්‍රී ලංකා තරග කාලසටහන මෙන්න

Date:

මෙවර ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයේ පළමු කාණ්ඩයට ශ්‍රී ලංකාව අද(20) සුදුසුකම් ලබා ගත්තා.

ඒ, පළමු වටයේ දී A කාණ්ඩයෙන් තරග වැදුණු ශ්‍රී ලංකා කණ්ඩායම එම කාණ්ඩයේ පළමු ස්ථානය දිනා ගැනීමත් සමගයි.

පළමු වටයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම තරග 3ක් ක්‍රීඩා කර ඉන් තරග දෙකක් ජය ගනිමින් ප්‍රසාද ලකුණු 4 ක් හිමි කර ගත්තා. ශ්‍රී ලංකාවට හිමිව ඇති දල ලකුණු ලබා ගැනීමේ වේගය +0.667 ක්.

එම කාණ්ඩයේ දෙවැනි ස්ථානය තරග 3 කදී තරග 2ක් ජය ගත් නෙදර්ලන්ත කණ්ඩායමට හිමි වූ අතර, ශ්‍රී ලංකා කණ්ඩායම සමග ඔවුන් ද සුපිරි 12 වටයට සුදුසුකම් ලබා ගත්තා. ඔවුන්ගේ දල ලකුණු ලබා ගැනීමේ වේගය සටහන්ව ඇත්තේ -0.162 ක් ලෙසයි.

ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමට හා නැමීබියානු කණ්ඩායමට මෙවර තරගාවලියේ පළමු වටයෙන්ම ඉවත් වීමට සිදු වුණා.

සුපිරි 12 වටයේ දී පළමු කාණ්ඩයෙන් තරග වදින ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිවාදීන් වන්නේ ඇෆ්ඝනිස්තානය, ඔස්ට්‍රේලියාව, එංගලන්තය, නවසීලන්තය හා පළමු වටයේ B කාණ්ඩයේ දෙවැනි ස්ථානය දිනා ගන්නා කණ්ඩායමයි.

සුපිරි 12 වටයේ දී ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරගය එළඹෙන 23 (ඉරිදා) වැනිදා පළමු වටයේ B කාණ්ඩයේ දෙවැනි ස්ථානය දිනා ගන්නා කණ්ඩායමට එරෙහිව හෝබාර්ට් හී දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.(මෙරට වේලාවෙන් පෙරවරු 9.30ට)

අනතුරුව එළඹෙන 25 වැනිදා සත්කාරක ඔස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකාව තරග වදින්නේ පර්ත් හී දී යි.(පස්වරු 4.30ට)

සුපිරි 12 වටය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන තෙවැනි තරගය නවසීලන්තයට එරෙහිව එළඹෙන 29 වැනිදා සිඩ්නි ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.(පස්වරු 1.30ට)

ශ්‍රී ලංකා කණ්ඩායම නොවැම්බර් පළමු වැනිදා බ්‍රිස්බේන් හී දී ඇෆ්ඝනිස්තානයට එරෙහිව තරග වැදීමට නියමිතයි.(පෙරවරු 9.30ට)

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර තරගය පැවැත්වෙන්නේ නොවැම්බර් 5 වැනිදා සිඩ්නි ක්‍රීඩාංගනයේ දී යි.(පස්වරු 1.30ට)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...