නැමීබියාව ඉවතට විසි වෙයි ; එමීර් රාජ්‍ය T20 ලෝක කුසලාන ඉතිහාසයේ පළමු ජය ලබයි

Date:

ශ්‍රී ලංකාවට එරෙහිව විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කළ නැමීබියානු කණ්ඩායමට සුපිරි 12 වටයට සුදුසුකම් නොලබා පළමු වටයෙන්ම ඉවත් වීමට අද(20) සිදු වුණා.

ඒ, තරගාවලියේ පළමු වටයේ 10 වැනි තරගයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම හමුවේ ලකුණු 7 ක තියුණු පරාජයක් ලැබීම හේතුවෙන්.

එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ දී ලැබූ පළමු ජයග්‍රහනය වන්නේ ද අද ලැබූ ජයග්‍රහනයයි.

ජිලෝන්ග් හී දී අද පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් එමීර් රාජ්‍ය කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 148 ක් ලබා ගත්තා.

Muhammad Waseem ලකුණු 50 ක් ද, Chundangapoyil Rizwan නොදැවී ලකුණු 43ක් ද රැස් කළා. Basil Hameed නොදැවී ලකුණු 25යි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නැමීබියාවට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 141 ක් පමණයි.

ඔවුන්ගේ 7 වැනි කඩුල්ල දැවී ගියේ ලකුණු 69 දී යි. කෙසේ වෙතත්, අනතුරුව 8 වැනි කඩුල්ල සදහා පන්දු 44 කින් ලකුණු 70 ක සුපිරි සම්බන්ධතාවයක් ගොඩ නගමින් සිය කණ්ඩායම ජයග්‍රහනය ආසන්නයටම රැගෙන යාමට ඩේවිඩ් වීසා හා Ruben Trumpelmann සමත් වුණා.

වීසා පන්දු 36 කින් ලකුණු 55 ක් රැස් කළේ හයේ පහර 3 ක් හා හතරේ පහර 3 ක් ද සමගින්. Ruben Trumpelmann නොදැවී ලකුණු 25යි.

තරගය ජය ගැනීමට නැමීබියානු කණ්ඩායමට අවසන් පන්දුවාරයේ දී ලකුණු 14 ක් අවශ්‍ය වූ නමුත්, එම පන්දුවාරයේ සිව්වැනි පන්දුවේ දී ඩේවිඩ් වීසා දැවී ගියේ නැමීබියානු කණ්ඩායමේ සියලු බලාපොරොත්තු සුන් කරමින්.

පන්දු යැවීමේ දී Basil Hameed හා Zahoor Khan කඩුලු 2 බැගින් දවා ගත්තා.

ඒ අනුව A කාණ්ඩයෙන් සුපිරි 12 වටය සදහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් නෙදර්ලන්ත කණ්ඩායම සමත් වුණා.

Also Read : ශ්‍රී ලංකාව සුපිරි 12 වටයේ පළමු කාණ්ඩයට ; ශ්‍රී ලංකා තරග කාලසටහන මෙන්න

ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි 12 වටයේ පළමු කාණ්ඩයටත්, නෙදර්ලන්තය සුපිරි 12 වටයේ දෙවැනි කාණ්ඩයටත් සුදුසුකම් ලබා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...