ශකිබ් හදිසියේ යළි බංග්ලාදේශයට පිටත්වීමට ගත් තීරණය තාවකාලිකව අවලංගු කරයි

Date:

මේ වන විට දකුණු අප්‍රිකා තරග සංචාරයක නිරතව සිටින බංග්ලාදේශ කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසාන් වහාම යළි සිය රට බලා පැමිණීමට ගෙන තිබූ තීරණය තාවකාලිකව අවලංගු කර තිබෙනවා.

කෙසේ වෙතත්, දෙරට අතර එළඹෙන 23 වනදා පැවැත්වෙන තෙවැනි හා අවසන් එක්දින තරගය ක්‍රීඩා කිරීමෙන් අනතුරුව ඔහු යළි බංග්ලාදේශය බලා පිටත්ව යාමට නියමිත බවයි බංග්ලාදේශ ක්‍රිකට් බළධාරීන් උපුටා දක්වමින් විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

පවුලේ සාමාජිකයින් රැසක් අසනීප තත්ත්වයන් හේතුවෙන් රෝහල් ගත කර ඇති බැවිනුයි ශකිබ් අල් හසාන් වහාම යළි බංග්ලාදේශයට පැමිණීමට තීරණය කර තිබු‍ණේ.

ඒ සදහා බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය අද (21) දිනයේ දී ගුවන් ප්‍රවේශ පත්‍රයක් ද ඔහු වෙනුවෙන් වෙන් කර තිබූ නමුත්, පසුව දකුණු අප්‍රිකාවට එරෙහි තෙවැනි එක්දින තරගය ක්‍රීඩා කිරීමෙන් අනතුරුව බංග්ලාදේශය බලා පිටත්ව යාමට ශකිබ් තීරණය කර තිබෙනවා.

දෙරට අතර පැවැත්වෙන එක්දින තරගාවලිය මේ වන විට තරග 1-1ක් ලෙස කණ්ඩායම් දෙකම සම තත්ත්වයේ පසුවනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...