කවාජාගේ හා ස්මිත්ගේ අර්ධ ශතකවලින් පසු පාකිස්තානය යළි සටනට අවතීර්ණ වෙයි

Date:

සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද(21) ලාහෝර් හි ගඩාෆි ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාව පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර, දිනය නිමා වන විට ඔවුන් සිය පළමු ඉනිම සදහා කඩුලු 5ක් දැවී ලකුණු 232ක් ලබා සිටියා.

ඉනිමේ තුන්වැනි පන්දුවාරයේ දී ක්‍රියාත්මක වූ ශහීන් ශාහ් අෆ්රිඩි ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් ලකුණු 7කටත්, මර්නස් ලබුෂේන් ලකුණු නොලබා සිටියදීත් දවා ගැනීමට සමත් වුණා.

කෙසේ වෙතත්, අනතුරුව තෙවැනි කඩුල්ල සදහා උස්මාන් කවාජා හා ස්ටීවන් ස්මිත් අතරේ ගොඩ නැගුණු සබදතාවය ලකුණු 138ක්.

ස්මිත් හතරේ පහර 6ක් සමගින් ලකුණු 59ක් රැස් කර සිටියදී දැවී ගියේ නසීම් ශාහ්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වෙමින්.

ශතකය ආසන්නයටම පැමිණි කවාජා ලකුණු 91ක් ලබා සිටියදී දැවී ගියා. ඒ, සජිඩ් ඛාන් යොමු කළ පන්දුවක් හමුවේ ස්ලිප්හි පන්දු රකිමින් සිටි බබාර් අසාම් රැක ගත් සුපිරි උඩ පන්දුවක් හේතුවෙන්. (දර්ශන පහතින්)

ට්‍රැවිස් හෙඩ් ලකුණු 26යි. කැමරන් ග්‍රීන් නොදැවී ලකුණු 20ක් ද, ඇලෙක්ස් කෙරී නොදැවී ලකුණු 8ක් ද ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

පන්දු යැවීමේ දී ශහීන් අෆ්රිඩි හා නසීම් ශාහ් කඩුලු 2 බැගින් බිද හෙලූ අතර, සජිඩ් ඛාන් එක් කඩුල්ලක් දවා ගත්තා.

දෙරට අතර පැවැති පළමු ටෙස්ට් තරග දෙකම නිමා වුණේ ජය පරාජයෙන් තොරවයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...