එංගලන්තයෙන් නෙරපූ පුහුණුකරු ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු වන ලකුණු

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස එංගලන්ත හිටපු පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් පත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වනවා.

ඒ සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා සිල්වර්වුඩ් අතර පැවැත්වෙන සාකච්ඡා මේ වන විට අවසන් අදියරේ පවතින බවටයි මාධ්‍ය වාර්තා පලව ඇත්තේ.

නිමා වූ අලුබදුන තරගාවලියේ දී තරග 4-0ක් ලෙස ලැබූ දරුණු පරාජයෙන් අනතුරුව ඔහුව ධුරයෙන් ඉවත් කිරීමට එංගලන්ත ක්‍රිකට් ආයතනය පෙබරවාරි මස මුල් සතියේ දී තීරණය කළා.

සිල්වර්වුඩ්ගේ පුහුණුකාරීත්වය යටතේ එංගලන්ත කණ්ඩායම අවසන් වරට ක්‍රීඩා කළ ටෙස්ට් තරග 14න් තරග 10ක්ම පරාජයට පත්ව තිබූ අතර, ජය ගෙන තිබුණේ එක් තරගයක් පමණයි.

මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ මිකී ආතර්ගේ වසර දෙකක ධූර කාලය පසුගිය දෙසැම්බර් මාසයේ දී අවසන් වූ අතර, ඒ අනුවයි අදාළ ධූරය මේ වන විට පුරප්පාඩු වී පවතින්නේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...