වෙනස්කම් රැසක් සමග ලෝක කුසලානයට බංග්ලාදේශ සංචිතය නම් කෙරේ

Date:

ඔක්තෝබර් 16 වැනිදා ඔස්ට්‍රේලියාවේ දී ආරම්භ වීමට නියමිත පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන බංග්ලාදේශ සංචිතය අද(14) නිවේදනය කෙරුණා.

ශකිබ් අල් හසාන්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

අත්දැකීම් බහුල පිතිකරුවෙකු වන මහ්මුදුල්ලාහ් මෙම සංචිතයෙන් ඉවත් කිරීමටයි එරට තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

මුෂ්ෆිකර් රහීම් ද ආසියානු කුසලාන තරගාවලියෙන් පසුව ජාත්‍යන්තර 20යි 20 පිටියට සමු දීමට තීරණය කළ බැවින් මෙම සංචිතයට ඇතුළත්ව නැහැ.

අනමුල් හක්, මොහමඩ් නයීම්, පර්වේස් හොසේන් හා මහෙදි හසාන් ද සංචිතයෙන් ඉවත් කර තිබෙනවා.

ඔවුන් වෙනුවට සංචිතයට ආදේශ කර ඇත්තේ නස්මුල් හොසේන්, ලිටොන් දාස්, යසීර් අලී, නුරුල් හසාන් හා හසාන් මහ්මුද් යන ක්‍රීඩකයින්.

ශොරිෆුල් ඉස්ලාම්, රිෂාඩ් හොසේන්, මහෙදි හසාන් හා සෞම්‍ය සාකාර් අතිරේක ක්‍රීඩකයින් ලෙස ලෝක කුසලානය සදහා නම් කර තිබෙනවා.

ලෝක කුසලානයට පෙර නවසීලන්තයේ පැවැත්වීමට නියමිත තුන්කොන් 20යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා ද මෙම සංචිතයම ක්‍රීඩා කිරීමට නියමිතයි.

නවසීලන්තය හා බංග්ලාදේශය හැරුණු විට එම තරගාවලියට ක්‍රීඩා කරන අනෙක් කණ්ඩායම වන්නේ පාකිස්තානයයි.

Squad:

Shakib Al Hasan, Sabbir Rahman, Mehidy Hasan Miraz, Afif Hossain, Mossadek Hossain, Liton Das, Yasir Ali, Nurul Hasan, Mustafizur Rahman, Saifuddin, Taskin Ahmed, Ebadot Hossain, Hasan Mahmud, Najmul Hossain, Nasum Ahmed

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...