වසර හතරකට පසු නවසීලන්තයෙන් සුහද පළිගැනීමක් ; එංගලන්තයට දරුණු පරාජයක්

Date:

2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දී එංගලන්තය හමුවේ ලද අමිහිරි පරාජයේ වාඩුව ගනිමින් මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ලෝක ශූර එංගලන්තය පරදා කඩුලු 9 ක සුපිරි ජයක් වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම අද(5) සමත් වුණා.

අහ්මදාබාද්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය කඩුලු 9 ක් දැවී ලකුණු 282 ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තය පන්දුවාර 36.2 ක් අවසානයේ කඩුල්ලක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ එංගලන්තයට දරුණු පරාජයක් උරුම කරමින්.

විල් යන්ග් ඔහු මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දවා ගැනීමට සෑම් කරන් සමත් වුණා. කෙසේ වෙතත්, අනතුරුව එංගලන්ත පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත ප්‍රහාරයක් දියත් කළ ඩෙවෝන් කොන්වේ හා රචින් රවීන්ද්‍ර දෙවැනි කඩුල්ලට පන්දු 211 කින් ගොඩ නැගූ නොබිදුණු සම්බන්ධතාවය ලකුණු 273 ක්.

තරගාවලියේ පළමු ශතකයේ උරුමකරුවා බවට පත් වූ කොන්වේ පන්දු 121 කින් නොදැවී ලකුණු 152 ක් ලබා ගත්තේ හයේ පහර 3 ක් හා හතරේ පහර 19 ක් සමගින්.

රවීන්ද්‍ර පන්දු 96 කින් නොදැවී ලකුණු 123 ක් ලබා ගත්තා. ඔහුගේ ඉනිම හයේ පහර 5 කින් හා හතරේ පහර 11 කින් වර්ණවත් වුණා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත පිල වෙනුවෙන් ජෝ රූට් ලකුණු 77 ක් ලබා ගනිමින් ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට පත් වුණා. නායක ජොස් බට්ලර් ලකුණු 43 යි. ජොනී බෙයාර්ස්ටව් ලකුණු 33 ක් ද, හැරී බෘෘක් ලකුණු 25 ක් ද, ලියම් ලිවින්ග්ස්ටන් ලකුණු 20 ක් ද රැස් කළා.

පන්දු යැවීමේ දී මැට් හෙන්රි කඩුලු 3 ක් දවා ගත් අතර, මිචෙල් සැන්ට්නර් හා ග්ලේන් පිලිප්ස් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

එංගලන්ත ඉනිමේ සියලු පිතිකරුවන් ලකුණු 10 සීමාව පසු කර වාර්තා කිරීම ද කැපී පෙනුණා. එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ දී එලෙස ඉනිමකදී පිතිකරුවන් 11 දෙනාම ලකුණු 10 ක් හෝ ඊට වැඩියෙන් වාර්තා කළ පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...