පළමු තරගයේ දී ම එංගලන්තයෙන් ලෝක වාර්තාවක්

Date:

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් මේ වන විට අහ්මදාබාද් හී දී පැවැත්වෙන පළමු තරගයේ දී නව ලෝක වාර්තාවක් පිහිටුවීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.

නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය කඩුලු 9 ක් දැවී ලකුණු 282 ක් රැස් කළා.

ජෝ රූට් ලකුණු 77 ක් ලබා ගනිමින් ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට පත් වුණා. නායක ජොස් බට්ලර් ලකුණු 43 යි.

ජොනී බෙයාර්ස්ටව් ලකුණු 33 ක් ද, හැරී බෘෘක් ලකුණු 25 ක් ද, ලියම් ලිවින්ග්ස්ටන් ලකුණු 20 ක් ද රැස් කළා.

පන්දු යැවීමේ දී මැට් හෙන්රි කඩුලු 3 ක් දවා ගත් අතර, මිචෙල් සැන්ට්නර් හා ග්ලේන් පිලිප්ස් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

එංගලන්ත ඉනිමේ සියලු පිතිකරුවන් ලකුණු 10 සීමාව පසු කර වාර්තා කිරීම කැපී පෙනුණා.

එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ දී එලෙස ඉනිමකදී පිතිකරුවන් 11 දෙනාම ලකුණු 10 ක් හෝ ඊට වැඩියෙන් වාර්තා කළ පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.

අද තරගයට පෙර එක්දින තරග 4,657 ක් ක්‍රීඩා කර තිබූ නමුත්, එම කිසිදු එක්දින තරගයකදී මෙලෙස සියලු පිතිකරුවන් ලකුණු 10 ක් හෝ ඊට වැඩියෙන් වාර්තා කර තිබුණේ නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...