වනිදු හසරංගත් ICC සම්මානයක් සදහා නිර්දේශ කෙරේ

Date:

වසරේ අයි.සී.සී පන්දුවාර 20යි 20 ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය සදහා නිර්දේශිත නාම ජගත් ක්‍රිකට් කවුන්සලය අද(29) නිවේදනය කළා.

නිර්දේශිත නාම 4ක් නිවේදනය කර ඇති අතර, ඒ අතරට ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග ද ඇතුළත්ව තිබීම විශේෂත්වයක්.

ඔහුට අමතරව එංගලන්ත කඩුලු රකින පිතිකරු ජොස් බට්ලර්, ඔස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක මිචෙල් මාෂ් හා පාකිස්තාන කඩුලු රකින පිතිකරු මොහොමඩ් රිස්වාන් ද නිර්දේශිත නාම අතරට අයත්.

වසරේ ටෙස්ට් ක්‍රීඩකයා සදහා ද ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න ඊයේ නිර්දේශ කෙරුණා.

වසරේ 20යි 20 ක්‍රීඩකයා ඇතුළු සෙසු ප්‍රධාන අයි.සී.සී සම්මාන (පිරිමි අංශයේ) හිමි කර ගත් ක්‍රීඩකයින්ගේ නම් ජනවාරි 24 වනදා ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය සදහන් කළේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...