ලක්ෂ 400ක පාඩුවක් මට වුණා ගිය අවුරුද්දෙ; මට බෙදන්නේ වෙන හැන්දකින් : භානුක

Date:

ක්‍රීඩකයින් සම්බන්ධයෙන් ක්‍රිකට් බලධාරීන්ට නිසි සැලසුමක් නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ පවසනවා.

ක්‍රීඩා මාධ්‍යවේදී ධනුෂ්ක අරවින්ද මහතා සමග කළ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සදහන් කළේ බළධාරීන් විසින් තමාට වෙනස්කම් සිදු කිරීම පිළිබද තමා කනගාටුවට පත් වන බවයි.

දක්ෂතා අතර සිටිය ද තමාට අවස්ථාවක් නොලැබීම පිළිබද තමාට කළකිරීමක් ඇති බව ඔහු පෙන්වා දෙනවා.

“මම ඇත්තටම පසුතැවෙන්නේ නැහැ මට කොන්ත්‍රාත්තුවක් නැහැ කියලා. කළකිරීමක් තියෙන්නේ මොකද අපි දක්ෂතා දක්වලා අපිට අවස්ථාව නැතිවුණ එකයි. කොන්ත්‍රාත්තු දුන්නේ නෑ කියලා සැලෙන්නේ නෑ. ඒත් ඉතිං වෙන අසාධාරණකම් බලං ඉන්න එකයි ටිකක් අමාරු.” යනුවෙන් ඔහු සදහන් කළා.

“ශාරීරික යෝග්‍යතා ගැටලුවක් කියලා අපිව එළියෙන් තියෙන එක මම හිතන්නේ නෑ සාධාරණයි කියලා. මම කියන්නේ නෑ ෆිට්නස් දාන එක (ෆිට්නස් ටෙස්ට් එක) වැරදීමක් කියලා. ඒත් ෆිට්නස් තියෙන්න ඕනෙ ක්‍රීඩකයෙක් උඩට ගන්න. නැතුව ෆිට්නස් කියලා ක්‍රීඩකයෙක් පල්ලෙහට දාන්න නෙවෙයි.”

“මම අනිවාර්යයෙන් කියනවා මට බෙදන්නේ වෙන හැන්දකින් කියලා.”

“මම තාම ලංකාවට ගහන්න ආසයි. ඒක හින්ද සෘජුව ඇගිල්ල දික් කරන්න පුද්ගලයින් හිටියත් නොකිව යුතුයි. නම් කියන්න දැන්ම බෑ, මම රිටයර් වුණ දවසට අනිවාර්යයෙන්ම ඔක්කොම ටික කියන්නම්”

“අපිට ගිය පාර පාකිස්තාන සුපර් ලීග් එක තිබ්බ. ටී 10 එක තිබ්බා. සී.පී.එල් තිබ්බා. ඔය 3ම ලොකු කොන්‍ත්‍රාත් ආවෙ. මුදල් වශයෙන් ගත්තොත් මට ලක්ෂ 400ක පමණ පාඩුවක් තිබ්බ ගිය අවුරුද්දට. මුදල් පැත්තෙන් තියලා කොන්ත්‍රාත්තුවක් අත්සන් කරලා තිබ්බ නිසා බෝඩ් එකට (ක්‍රිකට් ආයතනයට) විරුද්ධව යන්නත් බැරි නිසා අපි කටවහන් ඉදලා(හිටියා.) මට කීවා මේ ටුවර් එක ගහනවා මේ ටුවර් එක ගහනවා කියලා”

කෙසේ වෙතත්, තමාට කිසිදු සංචාරයක් සදහා එක්වීමට අවස්ථාව ලබා නොදුන් බවයි ඔහු පෙන්වා දුන්නේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...