යාපනය පරදා දඹුල්ල අවසන් මහා තරගයට

Date:

ජාතික සුපිරි ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ (National Super League 4-Day Tournament) අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට දඹුල්ල කණ්ඩායම අද(26) සමත් වුණා.

ඒ, යාපනය කණ්ඩායම සමග පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයෙන් ලකුණු 132 ක ජයක් වාර්තා කරමින්.

තරගය ජය ගැනීම සදහා දෙවැනි ඉනිමේ දී ලකුණු 465 ක ඉලක්කයක් හඹා ගිය යාපනය කණ්ඩායමට තරගයේ අවසන් දිනය වූ අද දිනයේ දී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 331 ක් පමණයි.

රවිදු ප්‍රනාන්දු ලකුණු 131 (112) ක් ද, නවෝද් පරණවිතාන ලකුණු 51(50) ක් ද, රොන් චන්ද්‍රගුප්ත ලකුණු 47 ක් ද රැස් කළා.

පන්දු යැවීමේ දී අශාන් ප්‍රියන්ජන් හා චලන ද සිල්වා කඩුලු 3 බැගින් බිද හෙලුවා. වනිදු හසරංග, ලහිරු සමරකෝන් හා චමිදු විජේසිංහ කඩුල්ල බැගින් දවා ගත්තා.

කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගනයේ දී පැවැති මෙම තරගය සිව්වැනි හා අවසන් දිනය සදහා අද ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි දඹුල්ල කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 254 ක් ලබා සිටියා. ඔවුන් සියලු දෙනා දැවී ලකුණු 274 ක් ලබා ගත්තා.

වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ වනිදු හසරංග පන්දු 66 කින් ලකුණු 95 ක් ලබා සිටියදී දැවී ගියා. හයේ පහර 6 ක් හා හතරේ පහර 7 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. පවන් රත්නායක ලකුණු 47 යි. පන්දු යැවීමේ දී ශශික දුල්ෂාන් කඩුලු 3 ක් ද, ජෙෆ්රි වැන්ඩර්සේ හා බිනුර ප්‍රනාන්දු කඩුලු 2 බැගින් ද බිද හෙලුවා.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් දඹුල්ල කණ්ඩායම ලකුණු 426 ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස යාපනය පිල ලබා ගත්තේ සියලු දෙනා දැවී ලකුණු 236 ක් පමණයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...