6 වැනි වරටත් 20යි 20 ලෝක ශූරතාවය ඔස්ට්‍රේලියාවට

Date:

6 වැනි වරටත් කාන්තා පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක ශූරතාවය දිනා ගැනීමට ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම අද(26) සමත් වුණා.

ඒ, දකුණු අප්‍රිකාවේ පැවැති මෙවර කාන්තා පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දී සත්කාරක දකුණු අප්‍රිකාව පරදා ලකුණු 19 ක ජයක් වාර්තා කරමින්.

කේප් ටවුන් හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව කඩුලු 6 ක් දැවී ලකුණු 156 ක් ලබා ගත්තා.

Beth Mooney නොදැවී ලකුණු 74 ක් ලබා ගත්තේ පන්දු 53 කින්. හයේ පහරක් හා හතරේ පහර 9 ක් ඇයගේ ඉනිමට ඇතුළත්.

පන්දු යැවීමේ දී Shabnim Ismail හා Marizanne Kapp කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාවට පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 137 ක් පමණයි.

Laura Wolvaardt පන්දු 48 කින් ලකුණු 61 ක් ලබා ගත්තා. ඒ, හයේ පහර 3ක් හා හතරේ පහර 5ක් සමගින්.

පන්දු යැවීමේ දී Megan Schutt, Ashleigh Gardner, Darcie Brown හා Jess Jonassen කඩුල්ල බැගින් බිද හෙලුවා.

මෙය ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම අඛණ්ඩව 20යි 20 ලෝක ශූරතාවය දිනූ තෙවැනි අවස්ථාව වීම ද විශේෂත්වයක්.

අවසන් තරගයේ වීරවරිය ලෙස Beth Mooney ද, තරගාවලියේ වීරවරිය ලෙස Ashleigh Gardner ද සම්මානයෙන් පිදුම් ලැබුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...