මෙන්ඩිස්-දිමුත් ප්‍රමුඛ පිතිකරුවන් පළමු දිනයේ වැඩි ගෞරව ශ්‍රී ලංකාවට හිමි කර දෙයි

Date:

කුසල් මෙන්ඩිස්ගේ වේගවත් ඉනිම හා දිමුත් කරුණාරත්නගේ අර්ධ ශතකය මෙන්ම මැදපෙල පිතිකරුවන්ගේ සටන්කාමී ඉනිම් හමුවේ ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ පළමු දිනය අද(9) ක්‍රයිස්චර්ච්හි හෙග්ලි ඕවල් ක්‍රීඩාංගනයේ දී නිමා වුණේ දිනයේ වැඩි ගෞරව ශ්‍රී ලංකාවට හිමි කර දෙමින්.

පළමු දිනයට වර්ෂාවෙන් ද අවස්ථා දෙකකදී බාධා එල්ල වූ අතර, අද දිනයේ දී ක්‍රියාත්මක වූයේ පන්දුවාර 75 ක් පමණයි. දිනය නිමා වන විට තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්ත නායක ටිම් සවුතිගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 6 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 305 ක්.

නොදැවී පන්දුවට පහර දෙමින් සිටින ධනංජය ද සිල්වා ලකුණු 39 ක් හා කසුන් රාජිත ලකුණු 16 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා. ඔවුන් දෙදෙනා මේ වන විට 7 වැනි කඩුල්ල සදහා ගොඩ නගා ඇති වටිනා සබදතාවය ලකුණු 37*ක්.

ශ්‍රී ලංකා කණ්ඩායම දිවා ආහාරය දක්වා වූ කාලයේ දී එක් කඩුල්ලක් දැවී ලකුණු 120 ක් ලබා ගත් අතර, අනතුරුව එතැන් සිට තේ පානය දක්වා වූ කාලයේ දී කඩුලු 2ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 89 ක්. තේ පානයේ සිට අද දිනයට තරගය නතර කරන අවස්ථාව දක්වා වූ කාලයේ දී ශ්‍රී ලංකාව කඩුලු 3 ක් දැවී ලකුණු 96 ක් රැස් කළා.

ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙස ඕෂද ප්‍රනාන්දු ලකුණු 13 කට දැවී ගිය අතර, අනතුරුව පිටියට පිවිසි කුසල් මෙන්ඩිස් පන්දු 83 කින් වාර්තා කළ ලකුණු සංඛ්‍යාව 87 ක්. හතරේ පහර 16 කින් ඔහුගේ වේගවත් ඉනිම වර්ණවත් වුණා. මෙන්ඩිස් සිය අර්ධ ශතකය පන්දු 40 කින් වාර්තා කිරීම කැපී පෙනුණා.

Watch : සුපිරි ප්‍රහාරයකින් පසු මෙන්ඩිස්ගේ ඉනිම අවසන් වූ අවාසනාවන්ත ආකාරය

දිමුත් කරුණාරත්න ලකුණු 50 ක් ලබා ගත්තා. පන්දු 87 කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හතරේ පහර 7 ක් ඇතුළත්. දිමුත් හා මෙන්ඩිස් අතර දෙවැනි කඩුල්ලට ගොඩ නැගුණු සම්බන්ධතාවය ලකුණු 137 (156) ක්.

Also Read : ජයසූරියගේ වාර්තාව දිමුත් බිද දමයි

මෙන්ඩිස්ගේ හා දිමුත්ගේ කඩුලු ශ්‍රී ලංකා ලකුණු පුවරුව 151 ක් ලෙස සටහන්ව තිබියදී දැවී යාමෙන් අනතුරුව සිව්වැනි කඩුල්ල සදහා ඇන්ජෙලෝ මැතිව්ස් හා දිනේෂ් චන්දිමාල් ලකුණු 82 ක සම්බන්ධතාවයක් ගොඩ නැගීමට සමත් වුණා.

චන්දිමාල් ලකුණු 39 කට දැවී ගිය අතර, මැතිව්ස් ලකුණු 47 ක් රැස් කළා. නිරෝෂන් දික්වැල්ල ලබා ගත්තේ ලකුණු 7ක් පමණයි.

Also Read : ඇන්ජෙලෝ මැතිව්ස් තවත් කඩඉම් දෙකක් පසු කරයි

පන්දු යැවීමේ දී ටිම් සවුති කඩුලු 3 ක් හා මැට් හෙන්රි කඩුලු දෙකක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...