ඇන්ජෙලෝ මැතිව්ස් තවත් කඩඉම් දෙකක් පසු කරයි

Date:

ශ්‍රී ලංකා මැදපෙල පිතිකරු ඇන්ජෙලෝ මැතිව්ස් අද(9) දිනයේ දී තවත් කඩඉම් දෙකක් පසු කර යාමට සමත් වුණා.

ඒ, නවසීලන්තය සමග ක්‍රයිස්චර්ච්හී දී ආරම්භ වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිමේ දී යි.

මැතිව්ස් අද තරගය ආරම්භ වීමට පෙර ටෙස්ට් ඉනිම් 178 කදී ලකුණු 6,953 ක් ලබා සිටි අතර, ඔහුට ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාවක් වාර්තා කළ පිතිකරුවන් අතර තෙවැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීම සදහා තවත් අවශ්‍යව තිබුණේ ලකුණු 21 ක් පමණයි.

ඒ අනුව මැතිව්ස් අද දිනයේ දී ලකුණු 21 සම්පූර්ණ කිරීමත් සමග ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් පිටියේ වැඩිම ලකුණුලාභීන් අතර තෙවැනි ස්ථානය හිමි කර ගැනීමට සමත් වුණා.

මෙතෙක් ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු ප්‍රමාණයක් රැස් කළ පිතිකරුවන් අතර තෙවැනි ස්ථානයේ රැදී සිටියේ ඉනිම් 188 කදී ලකුණු 6,973 ක් ලබා සිටි සනත් ජයසූරියයි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු ප්‍රමාණයක් වාර්තා කර ඇත්තේ කුමාර් සංගක්කාරයි. ඔහු ඉනිම් 233 කදී ලකුණු 12,400 ක් රැස් කර ඇති අතර, දෙවැනි ස්ථානයේ පසුවන මහේල ජයවර්ධන ඉනිම් 252 කදී රැස් කර ඇති ලකුණු ප්‍රමාණය 11,814 ක්.

මේ අතර, ඇන්ජෙලෝ මැතිව්ස් අද දිනයේ දී ලකුණු 47 ක් සම්පූර්ණ කිරීමත් සමග සිය ටෙස්ට් දිවියේ ලකුණු 7,000 සම්පූර්ණ කිරීමට ද ඔහු සමත් වීම විශේෂත්වයක්.

මැතිව්ස් මෙම ඉනිමේ දී පන්දු 98 කින් ලකුණු 47 ක් ලබා සිටියදීම දැවී ගියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...