ශ්‍රී ලංකාවට බලපාන තීරණාත්මක තරගයේ කාසියේ වාසිය ඔස්ට්‍රේලියාවට

Date:

ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන සිව්වැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඔස්ට්‍රේලියානු නායක ස්ටීවන් ස්මිත් සමත් වුණා.

ඒ අනුව ඔහු තරගයේ පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

තරගය අහ්මදාබාද් හී දී පැවැත්වෙන අතර, ඔස්ට්‍රේලියානු කණ්ඩායම මෙම තරගය සදහා සිය කණ්ඩායමේ කිසිදු වෙනස්කමක් සිදු කර නැහැ.

කෙසේ වෙතත්, ඉන්දියාව මොහමඩ් සිරාජ් විවේක ගැන්වීමට පියවර ගෙන තිබෙනවා. ඔහු වෙනුවට කණ්ඩායමට කැදවා ඇත්තේ මොහමඩ් ෂාමි.

මෙම තරගයෙන් ඉන්දියාව ජය ගතහොත් ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය සදහා ඔස්ට්‍රේලියාවට එරෙහිව ඔවුන් සුදුසුකම් ලබා ගන්නවා.

ශ්‍රී ලංකාවට අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලබා ගැනීම පිළිබද බලාපොරොත්තුවක් තබා ගැනීමටනම් මෙම තරගයෙන් ඉන්දියාව පරාජයට පත් වීම හෝ තරගය ජය පරාජයෙන් තොරව නිමා වීම අනිවාර්යයි.

කණ්ඩායම් දෙක –

Australia XI:

Travis Head, Usman Khawaja, Marnus Labuschagne, Steven Smith (c), Peter Handscomb, Cameron Green, Alex Carey (wk), Mitchell Starc, Todd Murphy, Nathan Lyon, Matthew Kuhnemann

India XI:

Rohit Sharma (c), Shubman Gill, Cheteshwar Pujara, Virat Kohli, Shreyas Iyer, Ravindra Jadeja, KS Bharat (wk), R Ashwin, Axar Patel, Umesh Yadav, Mohammed Shami

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...