මාලිංගගේ තවත් අයි.පී.එල් වාර්තාවක් බිද වැටෙයි

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ දී අවම තරග සංඛ්‍යාවකදී කඩුලු 100 ක් දවා ගත් පන්දු යවන්නා බවට පත් වීමට පංජාබ් කිංග්ස් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක කාගිසෝ රබාඩා අද(13) සමත් වුණා.

ඒ, ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට එරෙහිව අද රාත්‍රියේ ආරම්භ වූ මෙවර අයි.පී.එල් තරගාවලියේ 18 වැනි තරගයේ දී යි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් පංජාබ් කණ්ඩායම කඩුලු 8 ක් දැවී ලකුණු 153 ක් ලබා ගත් අතර, ටයිටන්ස් කණ්ඩායම පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේ දී යි රබාඩා මෙම කඩඉම පසු කළේ.

ටයිටන්ස් ඉනිමේ පළමු කඩුල්ල ලෙස ඔහු ව්රිධිමන් සහා ලකුණු 30 කට දවා ගත්තා. ඒ, මැතිව් ශෝර්ට් රැක ගත් උඩ පන්දුවක් සමගයි.

එම කඩුල්ලත් සමග මේ වන විට අයි.පී.එල් පිටියේ දී රබාඩා කඩුලු 100 ක් බිද හෙලා ඇත්තේ තරග 64 කට ක්‍රීඩා කරමින්.

මීට පෙර මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කළ ශ්‍රී ලංකා හිටපු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග විසින් මෙම වාර්තාව පිහිටුවා තිබුණා.

මාලිංග තම 100 වැනි කඩුල්ල සිය 70 වැනි අයි.පී.එල් තරගයේ දී දවා ගනිමින් එම වාර්තාව පිහිටුවා තිබූ අතර, මේ වන විට ඔහුට මෙම ලැයිස්තුවේ හිමිව ඇත්තේ දෙවැනි ස්ථානයයි.

IPL තරගාවලි ඉතිහාසයේ කඩුලු 100 සීමාව පසු කර ඇති පන්දු යන්නන් සංඛ්‍යාව 21 ක් වන නමුත් ලසිත් මාලිංගට වඩා අඩු තරග සංඛ්‍යාවකින් එම කඩඉම සම්පූර්ණ කිරීමට සමත් වුණේ කාගීසෝ රබාඩා පමණයි.

අයි.පී.එල් පිටියේ දී අවම තරග සංඛ්‍යාවකදී කඩුලු 100 ක් දවා ගත් පන්දු යවන්නන් ලැයිස්තුවේ තෙවැනි ස්ථානය බුවනේෂ්වර් කුමාර්ට හිමිව ඇත්තේ තරග 81 කදී කඩුලු 100 ක් දවා ගනිමින්.

ලසිත් මාලිංග තරග 122 කදී කඩුලු 170 ක් අයි.පී.එල් පිටියේ දී දවා ගැනීමට සමත්ව තිබුණා. ඒ අනුව අයි.පී.එල් ඉතිහාසයේ වැඩිම කඩුලුලාභියා ලෙස ද ඔහු වාර්තා අතරට මීට පෙර එක්ව සිටි නමුත්, ඔහුට මේ වන විට එම ලැයිස්තුවේ ද හිමිව ඇත්තේ තෙවැනි ස්ථානයයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...