සැම්සන්ට ලක්ෂ 47 ක දඩයක්

Date:

නියමිත කාලය තුළ දී පන්දුවාර 20 යවා නිමා නොකිරීම හේතුවෙන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට දඩ පැනවීමට ඉන්දීය ප්‍රිමියර් ලිග් තරගාවලියේ සංවිධායකයින් පියවර ගෙන තිබෙනවා.

ඊයේ (12) චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එරෙහිව පැවැති මෙවර තරගාවලියේ 17 වැනි තරගයේ දී යි ඔවුන් මෙම වරද සිදු කර ඇත්තේ.

රාජස්ථාන් කණ්ඩායම මෙවර තරග වාරයේ දී මෙම වරද සිදු කළ පළමු අවස්ථාව මෙයයි. ඒ අනුව නායක සංජු සැම්සන්ට ඉන්දීය රුපියල් ලක්ෂ 12 ක දඩ පැනවීමක් සිදු කිරිමට තීරණය කර තිබෙනවා. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 47 ක පමණ අගයක්.

චෙන්නායි හි පැවැති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් රාජස්ථාන් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 8 ක් දැවී ලකුණු 175 ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ චෙන්නායි පිලට පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 172 ක් පමණයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...