බුම්රා ලෝක කුසලානයෙන් ඉවතට : BCCI තහවුරු කරයි

Date:

පිට කොන්ද ආශ්‍රිත ආබාධයකට ලක්ව සිටින ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රාට එළඹෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට නොහැකි වන බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) අද (3) තහවුරු කළා.

ඉන්දීය ක්‍රිකට් වෛද්‍ය කමිටුව විසින් දීර්ඝ තක්සේරුවකින් පසුව සහ වෛද්‍ය විශේෂඥයින් සමග සාකච්ඡා කර මෙම තීරණය ගෙන ඇති බවයි එරට ක්‍රිකට් පාලක මණ්ඩලය සදහන් කළේ.

ඔහු වෙනුවට 20යි 20 ලෝක කුසලානය සදහා ඉන්දීය සංචිතයට ආදේශ කරන ක්‍රීඩකයා පසුව නිවේදනය කිරීමට නියමිතයි.

ජගත් ක්‍රිකට් කවුන්සලයේ අනුමැතියකින් තොරව ඔක්තෝබර් 15 වැනිදා දක්වා සිය සංචිතය සදහා වෙනස්කම් සිදු කිරීමේ අවස්ථාව ඉන්දියාවට පවතිනවා.

පිට කොන්ද ආශ්‍රිත වේදනාවක් හේතුවෙන් පසුගිය 28 වැනිදා දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති පළමු 20යි 20 තරගය සදහා බුම්රාට ක්‍රීඩා කිරීමට නොහැකි වූ අතර, පසුව ඔහුව බැංගලූරුහි ජාතික ක්‍රිකට් ඇකඩමිය වෙත යොමු කෙරුණේ වැඩිදුර වෛද්‍ය පරීක්ෂණ සිදු කිරීම සදහායි.

ආබාධයක් හේතුවෙන් බුම්රාට නිමා වූ ආසියානු කුසලාන තරගාවලිය ද ක්‍රීඩා කිරීමට හැකි වූයේ නැහැ.

ඔක්තෝබර් 16 වැනිදා ආරම්භ වීමට නියමිත 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට ඉන්දීය කණ්ඩායම ලබන 6 වැනිදා ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යාමට නියමිතයි.

මීට පෙර ආබාධයක් හේතුවෙන් තුන් ඉරියව් ක්‍රීඩක රවීන්ද්‍ර ජඩේජාට ද මෙවර 20යි 20 ලෝක කුසලානයෙන් ඉවත් වීමට සිදු වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...