බැංගලෝරයට පළමු පරාජය උරුම කරමින් චෙන්නායි ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මෙතෙක් අපරාජිත වූ එකම කණ්ඩායම වූ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අද (25) සිය පළමු පරාජයට මුහුණ දුන්නා.

ඒ, මෙවර තරගාවලියේ 19 වන තරගයෙන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම හමුවේ ඔවුන් ලකුණු 69 කින් පරාජයට පත්වීමත් සමගයි.

මුම්බායිහි වැන්කඩේ ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර, ඔවුන් නියමිත පන්දුවාර 20 නිමා කළේ කඩුලු 4ක් දැවී ලකුණු 191ක් ලබා ගනිමින්.

පන්දුවාර 19ක් අවසන් වන විට චෙන්නායි කණ්ඩායම ලබා ගෙන තිබුණේ ලකුණු 154ක් පමණක් වූ නමුත්, අවසන් පන්දුවාරයේ දී රවීන්ද්‍ර ජඩේජා සිය පිත්තෙන් ලකුණු 36ක් වාර්තා කිරීමට සමත් වුණා.

හර්ෂාල් පටෙල් යොමු කළ අදාළ පන්දුවාරයේ දී නිපන්දුවක් ද යොමු වූ බැවින් එම පන්දුවාරයට චෙන්නායි කණ්ඩායමට හිමි වූ ලකුණු ප්‍රමාණය 37ක්.

රවීන්ද්‍ර ජඩේජා පන්දු 28කින් නොදැවී ලකුණු 62ක් රැස් කළ අතර, ඔහුගේ ඉනිමට හයේ පහර 5ක් සහ හතරේ පහර 4ක් ඇතුළත්.

අවසන් පන්දුවාරයේ දී හයේ පහර 5ක් සමගින් ඔහු ලකුණු වාර්තා කළේ පිළිවෙලින් 6, 6, N6, 6, 2, 6, 4 ක් ලෙසයි.

චෙන්නායි ඉනිම වෙනුවෙන් ෆෆ් ඩු ප්ලෙසිස් ලකුණු 50ක් වාර්තා කළා.

පන්දු යැවීමේ දී හර්ෂාල් පටෙල් ලකුණු 51කට කඩුලු 3ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බැංගලෝර් කණ්ඩායමට පන්දුවාර 20 නිමා කිරීමට සිදු වූයේ කඩුලු 9ක් දැවී ලකුණු 122ක් ලබා ගනිමින්.

දෙව්දත් පඩික්කල් ලකුණු 34(15)ක්, ග්ලේන් මැක්ස්වෙල් ලකුණු 22(15)ක් සහ ක්යිල් ජමිසන් ලකුණු 16ක් රැස් කළා.

පන්දු යැවීමෙන් ද දක්ෂතා දැක් වූ රවීන්ද්‍ර ජඩේජා නිලකුණු පන්දුවාරයක් ද සමගින් ලකුණු 13කට කඩුලු 3ක් දවා ගත්තා.

ඉම්රාන් තහීර් ලකුණු 16කට කඩුලු 2යි.

මෙම ජයත් සමගින් මෙවර තරගාවලියේ තමන් මෙතෙක් ක්‍රීඩා කළ තරග 5න් තරග 4ක් ජය ගත් චෙන්නායි කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ද සමත් වුණා.

බැංගලෝර් කණ්ඩායම රැදී සිටින්නේ එහි දෙවැනි ස්ථානයේයි.

[embeddoc url="https://sinhala.hitwicket.lk/wp-content/uploads/2021/04/ipl-19.xlsx" height="1700px" viewer="microsoft"]

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...