පන්දුවාර 19ට : 154/4 – පන්දුවාර 20ට : 191/4, ජඩේජාගේ වාර්තාගත සුපිරි ප්‍රහාරය මෙන්න

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ එක් පන්දුවාරයකදී වැඩිම ලකුණු ප්‍රමාණයක් වාර්තා කළ පිතිකරුවා බවට සුපිරි පිතිකරු ක්‍රිස් ගේල් සමග සම තත්ත්වයට පත්වීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක රවීන්ද්‍ර ජඩේජා අද(25) සමත් වුණා.

ඒ, රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට එරෙහි තරගයේ දී යි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් චෙන්නායි කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 191ක්.

පන්දුවාර 19ක් අවසන් වන විට ඔවුන් ලබා ගෙන තිබුණේ ලකුණු 154ක් පමණයි.

කෙසේ වෙතත්, අවසන් පන්දුවාරයේ දී ක්‍රියාත්මක වූ ජඩේජා සිය පිත්තෙන් ලකුණු 36ක් වාර්තා කිරීමට සමත් වුණා.

හර්ෂාල් පටෙල් යොමු කළ අදාළ පන්දුවාරයේ දී නිපන්දුවක් ද යොමු වූ බැවින් එම පන්දුවාරයට චෙන්නායි කණ්ඩායමට හිමි වූ ලකුණු ප්‍රමාණය 37ක්.

මීට පෙර 2011 වසරේ දී ක්‍රිස් ගේල් විසින් ද අයි.පී.එල් තරගයකදී එක් පන්දුවාරයකට ලකුණු 36ක් වාර්තා කර තිබූ අතර, එම පන්දුවාරයේ දී ද නිපන්දුවක් යොමු කර තිබූ බැවින් හිමි වූ ලකුණු සංඛ්‍යාව 37ක්.

අද තරගයේ දී රවීන්ද්‍ර ජඩේජා පන්දු 28කින් නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 62ක්.

ඔහුගේ ඉනිමට හයේ පහර 5ක් සහ හතරේ පහර 4ක් ඇතුළත්.

අවසන් පන්දුවාරයේ දී ඔහු ලකුණු වාර්තා කළේ පිළිවෙලින් 6, 6, N6, 6, 2, 6, 4 ක් ලෙසයි.

චෙන්නායි ඉනිම වෙනුවෙන් ෆෆ් ඩු ප්ලෙසිස් ලකුණු 50ක් ද වාර්තා කළ අතර, පන්දු යැවීමේ දී හර්ෂාල් පටෙල් ලකුණු 51කට කඩුලු 3ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...