තරග 28කට පසු පළමු වරට මෙරටදී ටෙස්ට් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් වෙයි

Date:

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද(25) ජය පරාජයෙන් තොරව අවසන් වුණා.

තරගයේ පස්වන හා අවසන් දිනය වූ අද දිනයට ද වර්ෂාවෙන් බාධා එල්ල වූ බැවින් තරගය නියමිත වේලාවට පෙර නිමා කිරීමටයි විනිසුරුවන් කටයුතු කළේ.

ඒ වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි බංග්ලාදේශය කඩුලු 2ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 100ක්.

ටමිම් ඉක්බාල් ලකුණු 74ක් සහ මොමිනුල් හක් ලකුණු 23ක් ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියා.

සෙයිෆ් හසාන් එක් ලකුණකටත්, නජ්මුල් හුසේන් ශන්ටෝ ලකුණු නොලබා සිටියදීත් දවා ගැනීමට සුරංග ලක්මාල් සමත් වුණා.

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැති තරගය අද දිනට ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 3ක් දැවී ලකුණු 512ක් ලබා සිටියා.

දිවා ආහාරය ලබා ගන්නා තුරු පන්දුවට පහර දීමට ශ්‍රී ලංකාව තීරණය කළ අතර, අනතුරුව ඉනිම අත්හිටුවීමට පියවර ගත්තේ කඩුලු 8ක් දැවී ලකුණු 648ක් ලබා සිටියදීයි.

ඒ වන විට බංග්ලාදේශ පළමු ඉනිමට වඩා ශ්‍රී ලංකාව ලකුණු 107ක් ඉදිරියෙන් පසුවුණා.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් සිය මංගල ද්විත්ව ශතකය වාර්තා කළ දිමුත් කරුණාරත්න ලකුණු 244කට දැවී ගියා.

පන්දු 437කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හතරේ පහර 26ක් ඇතුළත්.

ඔහු සමග එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් වාර්තාගත ලකුණු 345 ක සබදතාවයක් ගොඩ නැගූ ධනංජය ද සිල්වා ලකුණු 166කට දැවී ගියා.

පන්දු 291කින් වාර්තා වූ ඔහුගේ ඉනිම හතරේ පහර 22කින් වර්ණවත් වුණා.

ළහිරු තිරිමාන්න ලකුණු 58ක් රැස් කළ අතර, පැතුම් නිස්සංක ලකුණු 12කටත්, නිරෝෂන් දික්වැල්ල ලකුණු 31කටත්, වනිදු හසරංග ලකුණු 43කටත් අද දැවී ගියා.

පන්දු යැවීමේ ටස්කිස් අහ්මඩ් කඩුලු 3ක් සහ ටයිජුල් ඉස්ලාම් කඩුලු 2ක් බිද හෙලුවා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශය කඩුලු 7ක් දැවී ලකුණු 541ක් ලබා සිටියදී සිය පළමු ඉනිම අත්හිටුවීමටයි තීරණය කළේ.

තරගයේ වීරයා ලෙස දිමුත් කරුණාරත්න සම්මානයෙන් පිදුම් ලැබුවා.

මේ අතර, ශ්‍රී ලංකාවේ දී අවසන් වරට පැවැති ටෙස්ට් තරග 28න් කිසිදු තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් නොවූ පසුබිමක් තුළයි අද බංග්ලාදේශයට එරෙහිව නිමා වූ පළමු ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව නිමා වුණේ.

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...