පාකිස්තාන වැඩබලන පුහුණුකරු ධූරය ශ්‍රී ලංකා හිටපු වේග පන්දු පුහුණුකරුට

Date:

පාකිස්තාන සීමිත පන්දුවාර ක්‍රිකට් කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු ලෙස පාකිස්තාන හිටපු වේග පන්දු යවන්නෙකු මෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හිටපු ප්‍රධාන පුහුණුකරුවෙකු වන ආකිබ් ජාවෙඩ් පත් කර තිබෙනවා.

2025 ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය දක්වා ඔහුව එම තනතුරට පත් කර ඇති බවයි පාකිස්තාන ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ඉදිරියේදී නව පුහුණුකරුවෙකු බදවා ගැනීමේ කටයුතු ආරම්භ කරන බව ද එරට ක්‍රිකට් ආයතනයේ සභාපති Mohsin Naqvi මාධ්‍ය හමුවේ කියා සිටියා.

වැඩබලන පුහුණුකරු ධූරයට අමතරව පාකිස්තාන තේරීම් කමිටුවේ ජ්‍යෙෂ්ට සාමාජිකයෙකු ලෙස ද ආකිබ් ජාවෙඩ් තවදුරටත් කටයුතු කිරීමට නියමිතයි. මෙම වසර මුලදී ආකිබ් ජාවෙඩ් ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන පුහුණුකරු ලෙස ද කටයුතු කළා.

මේ අතර, ජේසන් ජිලෙස්පි ඉදිරියටත් පාකිස්තාන ටෙස්ට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව ඔහු දෙසැම්බර් 26 වැනිදා දකුණු අප්‍රිකාව සමග දකුණු අප්‍රිකාවේදී ආරම්භ වන ටෙස්ට් තරගාවලියට පෙර පාකිස්තාන ටෙස්ට් සංචිතය සමග එක්වනු ඇති.

ගැරී කර්ස්ටන් මෑතකදී පාකිස්තාන සීමිත පන්දුවාර කණ්ඩායමේ පුහුණුකරු ධූරයෙන් ඉල්ලා අස් වීම හේතුවෙන් අද නිමා වූ පාකිස්තාන කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු තරග සංචාරයේ දී පාකිස්තාන සීමිත පන්දුවාර කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු ලෙස ද කටයුතු කළේ ටෙස්ට් කණ්ඩායමේ පුහුණුකරු ජේසන් ජිලෙස්පි.

පාකිස්තාන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස තරග රටා ත්‍රිත්වයේම වගකීම ජේසන් ජිලෙස්පි වෙත පැවරීමට එරට ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබූ නමුත්, අමතර වැටුපක් නොමැතිව වත්මන් ගිවිසුම යටතේම එම වගකීම භාර ගැනීමට ජිලෙස්පි එකග නොවූ බැවින් එම උත්සාහය අසාර්ථක වූ බවයි ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කර තිබුණේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...