IPL නිසා ඉන්දු-ඔස්ට්‍රේලියා පළමු ටෙස්ට් තරගය අතරතුර විටෝරි කණ්ඩායම හැර යාමට සූදානමින්

Date:

පර්ත්හීදී පැවැත්වීමට නියමිත ඉන්දු – ඔස්ට්‍රේලියා පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අතරතුර දී ඔස්ට්‍රේලියානු පන්දු යැවීමේ පුහුණුකරු ඩැනියල් විටෝරිට කණ්ඩායමෙන් ඉවත්ව සෞදි අරාබිය බලා පිටත්ව යාමට සිදුව තිබෙනවා.

ඒ, සෞදි අරාබියේ Jeddah හී දී නොවැම්බර් 24 හා 25 යන දිනවලදි පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසිය වෙනුවෙන් සහභාගී වීම සදහායි.

විටෝරි අයි.පී.එල් තරගාවලියේ දී සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරනවා.

නොවැම්බර් 22 වැනිදා පර්ත්හි ඔප්ටස් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වන පළමු ටෙස්ට් තරගයට පුහුණුකරුවන් හෝ විස්තර විචාරකයින් ලෙස එක්වන විටෝරි, රිකී පොන්ටින් හා ජස්ටින් ලැන්ගර් යන තිදෙනාම අයි.පී.එල් කණ්ඩායම්වල ද පුහුණුකරුවන් ලෙස කටයුතු කරනවා.

විටෝරි ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ 2022 වසරේ සිටයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...