වරද පිළිගත් බ්‍රේස්වෙල්ට මාසයක තරග තහනමක්

Date:

නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ඩග් බ්‍රේස්වෙල්ට මාසයක තරග තහනමක් පැනවීමට එරට ක්‍රීඩා විනිශ්චය සභාව තීරණය කර තිබෙනවා. ඒ, ඔහු තහනම් උත්තේජකයක් වන කොකේන් භාවිතා කර ඇති බවට අනාවරණය වීම හේතුවෙන්.

කෙසේ වෙතත්, ඔහුට එරෙහිව පැනවූ තහනම පසුගිය අප්‍රේල් 11 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක වන ලෙසයි පනවා ඇත්තේ. එනම්, ඔහුට එරෙහිව තාවකාලිකව තහනමක් පැනවූ දිනයේ සිට බලාත්මක වන ලෙසයි.

ඒ අනුව ඩග් බ්‍රේස්වෙල්ට බාධාවකින් තොරව මේ වන විට ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වීමට හැකියාව පවතිනවා.

නවසීලන්තයේ Super Smash තරගාවලිය යටතේ ජනවාරි 13 වැනිදා පැවැති Wellington Firebirds හා Central Stags කණ්ඩායම් අතර තරගයට අදාළව සිදු කළ පරීක්ෂණයකදීයි කොකේන් ශරීරගත වී ඇති බවට අනාවරණය වී තිබුණේ.

එම තරගයේ දී බ්‍රේස්වෙල් ලකුණු 21 කට කඩුලු දෙකක් දවා ගත් අතර, පන්දු 11 කින් නොදැවී ලකුණු 30 ක් ද රැස් කරමින් තරගයේ වීරයා සම්මානයෙන් ද පිදුම් ලැබුවා.

තමා විසින් කොකේන් භාවිතා කළ බව ඩග් බ්‍රේස්වෙල් විසින් ද පිළිගෙන තිබූ නමුත්, එය අදාළ තරගයේ දක්ෂතා වර්ධනය අරමුණු කර ගනිමින් තමා භාවිතා නොකළ බව ඔහු පෙන්වා දී තිබුණා.

34 හැවිරිදි බ්‍රේස්වෙල් නවසීලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 28 ක්, එක්දින තරග 21 ක් හා විස්සයි 20 තරග 20 ක් ක්‍රීඩා කර තිබෙනවා. එහිදී ඔහු පිළිවෙලින් කඩුලු 74 ක්, 26 ක් හා 20 ක් දවා ගැනීමට සමත් වුණා. ඔහු අවසන් වරට ජාතික කණ්ඩායම නියෝජනය කර ඇත්තේ 2023 වසරේ මාර්තු මාසයේදීයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...