පාකිස්තානය පරදා සිම්බාබ්වේ පිලට ලකුණක පෙරළිකාර ජයක්

Date:

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 24 වැනි තරග‍යෙන් පාකිස්තානය පරදා ලකුණක තියුණු හා පෙරළිකාර ජයක් වාර්තා කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම අද (27) සමත් වුණා.

තරගය ජය ගැනීම සදහා ලකුණු 131 ක ඉලක්කයක් හඹා ගිය පාකිස්තාන කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 8 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 129 ක් පමණයි.

බාබර් අසාම් ලකුණු 4 කට දැවී ගිය අතර, මොහමඩ් රිස්වාන් ලකුණු 14 යි. ඉෆ්ටිකාර් අහ්මඩ් ලකුණු 5 කටත්, ශඩාබ් ඛාන් ලකුණු 17 කටත්, හෙයිදර් අලී ලකුණු නොලබාත් දැවී ගියා.

ශාන් මසූඩ් ලකුණු 44(38) ක් ලබා ගනිමින් පාකිස්තාන ඉනිමට යම් ශක්තියක් එක් කළා. මොහමඩ් නවාස් ලකුණු 22(18) ක් රැස් කරමින් පාකිස්තානය ජයග්‍රහනය කරා රැගෙන යාමට දැඩි උත්සාහයක නිරත වූ නමුත්, එය සාර්ථක වූයේ නැහැ. මොහමඩ් වසීම් නොදැවී ලකුණු 12යි.

තරගයේ අවසන් පන්දුවේ දී ජයග්‍රහනය සදහා ලකුණු 3ක් අවශ්‍ය වූ නමුත්, පිතිකරුවන් දෙදෙනා දෙවැනි ලකුණ කරා දිව යාමේ දී ශහීන් ශාහ් අෆ්රිඩිව දුවද්දී දවා ගැනීමකට හසු කර ගැනීමට සිම්බාබ්වේ පන්දු රකින්නන් සමත් වීමත් සමගයි පාකිස්තානයට මෙවර තරගාවලියේ දෙවැනි තරගයෙන් ද අමිහිරි පරාජයක් අත්කර ගැනීමට සිදු වුණේ.(දර්ශන පහතින්)

පන්දු යැවීමේ දී සිකන්ඩ රාසා ලකුණු 25 කට කඩුලු 3 ක් දවා ගත් අතර, බ්‍රැඩ් එවන්ස් ලකුණු 25 කට කඩුලු 2 ක් දවා ගත්තා.

තරගයේ කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර, ඒ අනුව ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා දීමට Wessly Madhevere හා ක්‍රෙයිග් අර්වයින් සමත් වුණා. ඒ, පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 42 ක සම්බන්ධතාවයක් ගොඩ නගමින්. පවර්ප්ලේ අවස්ථාව නිමා වන විට සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 2 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 47 ක්.

කෙසේ වෙතත්, සිම්බාබ්වේ ඉනිමේ සිව්වැනි, පස්වැනි, හයවැනි හා හත්වැනි කඩුලු ලකුණු 95 දී බිද වැටුණේ තරගයේ පාලනය සම්පූර්ණයෙන් පාකිස්තානයට නතු කරමින්.  නියමිත පන්දුවාර 20 අවසානයේ දී සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 8ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 130 ක්.

ශෝන් විලියම්ස් ලකුණු 31 ක් රැස් කළ අතර, ක්‍රෙයිග් අර්වයින් හා බ්‍රැඩ් එවන්ස් ලකුණු 19 බැගින් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී මොහමඩ් වසීම් ලකුණු 24 කට කඩුලු 4 ක් දවා ගත්තා. ශඩාබ් ඛාන් ලකුණු 23 කට කඩුලු 3 ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...