සිම්බාබ්වේ ජයෙන් පසු අලුත් වූ දෙවන කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහන

Date:

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් පෙරළියක් සිදු කරමින් පාකිස්තානය පරදා සිම්බාබ්වේ කණ්ඩායම ජය ලැබීමත් සමග මේ වන විට දෙවන කාණ්ඩයේ උණුසුම ද ඉහළ ගොස් තිබෙනවා.

පාකිස්තාන කණ්ඩායම දෙවැනි වරටත් මෙවර තරගාවලියේ දී තරගයක අවසන් පන්දුවේ දී අමිහිරි පරාජයක් ලැබීමත් සමග මේ වන විට කිසිදු තරග ජයක් හිමි කර ගෙන නොමැති ඔවුන්ට ප්‍රසාද ලකුණු සටහනේ හිමිව ඇත්තේ සිව්වැනි ස්ථානයයි.

තරග දෙකම පරාජයට පත් වූ නෙදර්ලන්තය අවසන් ස්ථානයේ පසුවනවා.

ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි කාණ්ඩයේ පෙරමුණ ඉන්දියාව හිමි කර ගෙන සිටින්නේ ක්‍රීඩා කළ තරග දෙකම ජය ගනිමින්.

දකුණු අප්‍රිකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර පැවැති තරගය වර්ෂාව හේතුවෙන් ප්‍රතිපලයකින් තොරව අවසන් වූ බැවින් එම කණ්ඩායම් දෙකටම එක් ප්‍රසාද ලකුණක් පසුගියදා හිමි වුණා.

එම කණ්ඩායම් දෙකම අද දිනයේ දී තරග ජය ගැනීමට සමත් වීමත් සමග දකුණු අප්‍රිකා කණ්ඩායමට හා සිම්බාබ්වේ කණ්ඩායමට ප්‍රසාද ලකුණු 3 බැගින් හිමිව තිබෙනවා.

දකුණු අප්‍රිකාව ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේත්, සිම්බාබ්වේ පිල තෙවැනි ස්ථානයේත් පසුවන අතර, බංග්ලාදේශය සිව්වැනි ස්ථානයේ රැදී සිටිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...