නෙදර්ලන්තය අසරණ කරමින් ශ්‍රී ලංකාවට සුපිරි ජයක් ; සුපිරි 12 වටයේ කාලසටහන මෙන්න

Date:

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටය සදහා අපරාජිතව සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද(22) සමත් වුණා.

ඒ, තරගාවලියේ 12 වන තරගයෙන්, එනම් පළමු වටයේ අවසන් තරගයෙන් නෙදර්ලන්තය කඩුලු 8කින් පරාජයට පත් කරමින්.

ඒ අනුව ශ්‍රී ලංකාව A කාණ්ඩයේ පළමු ස්ථානය තහවුරු කර ගනිමින් සුපිරි 12 වටයට සුදුසුකම් ලැබූ අතර, එම වටයේ දී ශ්‍රී ලංකාව තරග වදින්නේ පළමු කාණ්ඩයෙන්.(Group 1)

එහිදී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් බවට, බංග්ලාදේශය, ඔස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, එංගලන්තය හා බටහිර ඉන්දීය කොදෙව් යන කණ්ඩායම් පත්ව තිබෙනවා.

සාජාහී දී අද පවැති තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි නෙදර්ලන්ත පිතිකරුවන් ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ දැඩි ලෙස අසරණ වනු දක්නට ලැබුණා.

එහි ප්‍රතිපලය වූයේ ඔවුන්ගේ ඉනිම පන්දුවාර 10 ක් තුළ ලකුණු 44කට සීමා වීමයි.

එය පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියකදී වාර්තා වූ දෙවැනි අවම ලකුණු සංඛ්‍යාවයි.

20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක අවම ලකුණු සංඛ්‍යාව වාර්තා කර ඇත්තේ ද නෙදර්ලන්ත කණ්ඩායම වන අතර, එය ද 2014 වසරේ දී වාර්තා වී ඇත්තේ ශ්‍රී ලංකාවට එරෙහිව වීම විශේෂත්වයක්.

නෙදර්ලන්ත ඉනිමේ ලකුණු 10 සීමාව පසු කළේ Colin Ackermann පමණයි. ඔහු ලකුණු 11කට දැවී ගියා.

පන්දු යැවීමේ දී වනිදු හසරංග ලකුණු 9කට කඩුලු 3ක් ද, ළහිරු කුමාර ලකුණු 7කට කඩුලු 3ක් ද දවා ගත්තා.

මහීෂ් තීක්ෂණ ලකුණු 3කට බිද හෙලූ කඩුලු ගණන 2ක්. දුෂ්මන්ත චමීර ද එක් කඩුල්ලක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව පන්දුවාර 7.1ක් අවසානයේ කඩුලු 2ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පහසුවෙන් පසු කර ගියා.

පැතුම් නිස්සංක ලකුණු නොලබා දැවී ගිය අතර, කුසල් ජනිත් නොදැවී ලකුණු 33ක් ලබා ගත්තා.

දිනේෂ් චන්දිමාල් වෙනුවට කණ්ඩායමට කැදවූ චරිත් අසලංක රැස් කළේ ලකුණු 6ක් පමණයි.

සුපිරි 12 වටයේ දී ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරගය බංග්ලාදේශයට එරෙහිව ලබන 24 වනදා ද, ඔස්ට්‍රේලියාවට එරෙහි තරගය ලබන 28 වනදා ද පැවැත්වීමට නියමිතයි.

දකුණු අප්‍රිකාවට එරෙහි තරගය පැවැත්වෙන්නේ ලබන 30 වනදායි.

එංගලන්තයට එරෙහිව ශ්‍රී ලංකාව ලබන පළමු වැනිදා තරග බිමට පිවිසෙන අතර, බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි තරගය පැවැත්වෙන්නේ ලබන 4 වැනිදායි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...