ශ්‍රී ලංකාව සමගින් නැමීබියාව සුපිරි 12 වටයට ; අයර්ලන්තය ඉවතට

Date:

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයට සුදුසුකම් ලබා ගැනීමට නැමීබියානු කණ්ඩායම අද(22) සමත් වුණා.

ඒ, මෙවර තරගාවලියේ 11 වැනි තරගයෙන් අයර්ලන්ත කණ්ඩායම පරදා කඩුලු 8ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

සාජාහි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ අයර්ලන්තය පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි අයර්ලන්තය සිය ඉනිමට වේගවත් ආරම්භයක් ලබා ගත්තේ පළමු පන්දුවාර 6 තුළ කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 55ක් ලබා ගනිමින්.

කෙසේ වෙතත්, තණතීරුවෙන් පිතිකරුවන්ට ලද සහාය අවම වීම හේතුවෙන් අයර්ලන්ත මැදපෙල පිතිකරුවන්ට දැඩි අභියෝගයක් එල්ල කිරීමට නැමීබියානු පන්දු යවන්නන් සමත් වුණා.

ඒ අනුව අයර්ලන්ත ඉනිම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී සටහන් වුණේ ලකුණු 125ක් ලෙසයි.

ආරම්භක පිතිකරුවන් වූ පෝල් ස්ටර්ලින් ලකුණු 38ක් හා කෙවින් ඕබ්‍රයන් ලකුණු 25ක් රැස් කළා. අංක 3 පිතිකරු නායක ඇන්ඩි බල්බර්නි ලකුණු 21යි.

සෙසු කිසිදු පිතිකරුවෙකුට ලකුණු 10 සීමාවට ළගා වීමට හැකි වූයේ නැහැ.

පන්දු යැවීමේ දී Jan Frylinck කඩුලු 3ක් හා ඩේවිඩ් වීසා කඩුලු 2ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නැමීබියාව පන්දුවාර 18.3ක් අවසානයේ කඩුලු 2ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

නායක Gerhard Erasmus නොදැවී ලකුණු 53ක් හා Zane Green ලකුණු 24ක් රැස් කළා.

ඩේවිඩ් වීසා පන්දු 14කින් වේගවත් ලකුණු 28ක් ලබා ගනිමින් නැමීබියාවට ජයග්‍රහනය තහවුරු කර දුන්නා.

පන්දු යැවීමේ දී කර්ටිස් කැම්පර් ලකුණු 14කට කඩුලු 2ක් දවා ගත්තා.

ඒ අනුව A කාණ්ඩයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම හා නැමීබියානු කණ්ඩායම මෙවර තරගාවලියේ සුපිරි 12 වටයේ ස්ථාන මේ වන විට තහවුරු කර ගෙන අවසන්.

අද තරගයෙන් පරාජයට පත් වූ අයර්ලන්තයට තරගාවලියෙන් ඉවත් වීමටයි සිදු වුණේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...