නෙදර්ලන්තයේ සටන පසෙකලා ලෝක කුසලානයට පාකිස්තානයෙන් ජයග්‍රාහී ආරම්භයක්

Date:

නෙදර්ලන්තයට එරෙහිව ලකුණු 81 ක ජයක් වාර්තා කරමින් මෙවර අයි.සී.සී එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ජයග්‍රාහී ආරම්භයක් ලබා ගැනීමට පාකිස්තාන කණ්ඩායම අද(6) සමත් වුණා.

හයිදරාබාද් හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ නෙදර්ලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය පන්දුවාර 49 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 286 ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නෙදර්ලන්තයට පන්දුවාර 41 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 205 ක් පමණයි.

බස් ද ලීඩෙ ලකුණු 67(68) ක් හා වික්‍රම්ජිත් සිං ලකුණු 52(67) ක් රැස් කරමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන යාමට දැඩි සටනක නිරත වූ නමුත්, මැද පෙල පිතිකරුවන්ගේ අසාර්ථක වීම හමුවේ එම උත්සාහය අසාර්ථක වුණා.

ලෝගන් වැන් බීක් නොදැවී ලකුණු 28 යි. පන්දු යැවීමේ දී හැරිස් රවුෆ් කඩුලු 3 ක් බිද හෙලූ අතර, හසන් අලී කඩුලු 2 ක් දවා ගත්තා.

පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන ඉනිමේ පළමු කඩුලු 3 ලකුණු 38 ක් තුළ දවා ගැනීමට නෙදර්ලන්ත පන්දු යවන්නන් සමත් වුණා.

අනතුරුව මොහමඩ් රිස්වාන් හා සවුද් ශකීල් සිව්වැනි කඩුල්ල සදහා ලකුණු 120 (114) ක සම්බන්ධතාවයක් ගොඩ නැගුවා. ශකීල් හා රිස්වාන් දෙදෙනාම දැවී ගියේ ලකුණු 68 බැගින් ලබා සිටියදීයි.

මොහමඩ් නවාස් ලකුණු 39 ක් හා ශඩාබ් ඛාන් ලකුණු 32 ක් රැස් කරමින් සිය කණ්ඩායම සටන්කාමී ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගියා.

පන්දු යැවීමේ දී බස් ද ලීඩෙ ලකුණු 62 කට කඩුලු 4 ක් දවා ගත්තා.

තරග‍යේ අවසන් පන්දුවාර කිහිපයේ දී හැරිස් රවුෆ් හා Paul van Meekeren අතර යම් උණුසුම් වචන හුවමාරුවීමක් ද දක්නට ලැබුණා. (දර්ශන කිහිපයක් පහතින්)

[team_standings 51865]

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...