Watch : එකම පන්දුවේ දී දවා ගැනීමේ උත්සාහයන් 3 ක් ; නවාස්ගේ දුවද්දී දැවී යාම මෙන්න

Date:

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයේ දී බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් දුවද්දී දැවී යාමක් දැක ගත හැකි වුණා.

පාකිස්තානය හා නෙදර්ලන්තය අතර මෙම තරගය අද දහවල් ආරම්භ වුණේ හයිදරාබාද් හී දී යි.

කාසියේ වාසිය දිනූ නෙදර්ලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය පන්දුවාර 49 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 286 ක් ලබා ගත්තා.

මොහමඩ් රිස්වාන් හා සවුද් ශකීල් ලකුණු 68 බැගින් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී Bas de Leede කඩුලු 4 ක් දවා ගත්තේ ලකුණු 62 ක් ලබා දෙමින්.

පාකිස්තාන ඉනිමේ දී මොහමඩ් නවාස් ලකුණු 39 කට දැවී ගියේ ඉතා අවාසනාවන්ත ආකාරයෙන් දුවද්දී දැවී යාමකට හසුවෙමින්.

ශහීන් ශාහ් අෆ්රිඩි විසින් පහර දුන් පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කර ගැනීමට පළමුව නෙදර්ලන්ත ක්‍රීඩකයින් උත්හාස ගත් නමුත්, එය සාර්ථක වූයේ නැහැ.

අනතුරුව පන්දු යවන අන්තයෙන් නවාස් දුවද්දී දවා ගැනීමට නෙදර්ලන්ත ක්‍රීඩකයින් උත්සාහ කළ නමුත්, එය ද අසාර්ථක වුණා.

පසුව පාකිස්තාන පිතිකරුවන් ලකුණක් ලබා ගැනීමේ අරමුණින් යළි දිව ගිය අතර, මොහමඩ් නවාස් පිතිකරණ අන්තයේ දී දුවද්දී දැවී ගියේ එම අවස්ථාවේ දී යි.

දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...