දෙමුහුන් යෝජනාව ඉන්දියාව ප්‍රතික්ෂේප කරද්දී සමස්ත ආසියානු තරගාවලියම ශ්‍රී ලංකාවේ දී පවත්වන ලකුණු

Date:

2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සිය රටේදී පැවැත්වීමට ආසියානු ක්‍රිකට් කවුන්සලය තීරණය කරන්නේනම් තරගාවලිය මෙරට දී පැවැත්වීමට සූදානමින් පසුවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ආසියානු ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සදහා තවත් දින කිහිපයකින් ආසියානු ක්‍රිකට් කවුන්සල රැස්වීමක් පැවැත්වීමට නියමිතව ඇති පසුබිමකයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම ප්‍රකාශය සිදු කර ඇත්තේ.

“කෙටි දැනුම් දීමකින් ආසියානු කුසලානය පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සූදානම්. දැන් තීරණය තියෙන්නේ ආසියානු ක්‍රිකට් කවුන්සලයට” යනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිළධාරියෙකු ක්‍රික්බස් වෙබ් අඩවිය වෙත පවසා තිබෙනවා.

මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පාකිස්තානයේ පැවැත්වීමට නියමිතව ඇතත්, ඉන්දියාව එරට සංචාරය නොකරන බවට ප්‍රකාශ කිරීම හේතුවෙන් තරගාවලියේ සත්කාරකත්වය සම්බන්ධයෙන් ගැටලු සහගත තත්ත්වයක් නිර්මාණය වුණා.

ඒ අනුව තරගාවලිය පාකිස්තානයේ දී හා වෙනත් රටකදී පැවැත්වීමට අදාළ දෙමුහුන් යෝජනාවක් පාකිස්තානය විසින් ඉදිරිපත් කළ නමුත්, එම යෝජනාවට ද ඉන්දියාව කැමැත්තක් නොදක්වන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව අයි.පී.එල් තරගාවලියේ අවසන් මහා තරගයට සමගාමීව ශ්‍රී ලංකා, බංග්ලාදේශ, ඇෆ්ඝනිස්තාන හා ඉන්දීය ක්‍රිකට් ආයතන බළධාරීන් අතර ඊයේ(28) පැවැති නිල නොවන මට්ටමේ සාකච්ඡාවලදී ආසියානු කුසලාන තරගාවලිය එක් රටකදී පමණක් පැවැත්වීමට තීරණයකට එළඹ ඇති බව සදහන්.

සාකච්ඡා සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රකාශකයෙකු සදහන් කර ඇත්තේ “කොළඹ හෝ කිසිවක් නැහැ” යනුවෙනුයි. එනම් ආසියානු කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාවේ දී පවත්වන්නේනම් පමණක් පැවැත්වීමට හැකි වනු ඇති බවටයි ඔහු අදහස් කර ඇත්තේ.

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ආසියානු ක්‍රිකට් කවුන්සල රැස්වීමකදී මේ සම්බන්ධයෙන් අවසන් තීන්දු තීරණවලට එළඹීමට නියමිතයි.

කෙසේ වෙතත්, ආසියානු කුසලාන තරගාවලිය පාකිස්තානයේ දී නොපවත්වන්නේනම් තරගාවලිය සදහා පාකිස්තාන කණ්ඩායමේ සහභාගීත්වය ද බොහෝ දුරට අවිනිශ්චිත විය හැකියි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...