ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයට තරග නිළධාරීන් පත් කෙරේ

Date:

ජූනි 7 වැනිදා ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගනයේ දී ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අතර ආරම්භ වීමට නියමිත ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය සදහා වන තරග නිළධාරීන් ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) විසින් අද(29) නිවේදනය කළා.

ඒ අනුව නවසීලන්තයේ Chris Gaffaney හා එංගලන්තයේ Richard Illingworth පිටියේ විනිසුරුවන් ලෙස අවසන් තරගයේ දී කටයුතු කිරීමට නියමිතයි.

එංගලන්තයේ Richard Kettleborough රූපවාහිනී විනිසුරු ලෙස නම් කර තිබෙනවා. 2019-2021 ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයේ දී ද රූපවාහිනී විනිසුරු ලෙස Kettleborough කටයුතු කළා.

ශ්‍රී ලංකාවේ කුමාර් ධර්මසේන පත් කර ඇත්තේ සිව්වැනි විනිසුරු ලෙසයි. බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි Richie Richardson තරග තීරකවරයා ලෙස කටයුතු කිරීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...