දිනේෂ් චන්දිමාල් රෝහල් ගත කෙරේ

Date:

ශ්‍රී ලංකා මැද පෙල පිතිකරු දිනේෂ් චන්දිමාල් රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ, අයර්ලන්තය සමග ගාල්ලේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය වන අද (27) දිනයේ දී ඔහු මුහුණ දුන් අනතුරක් හේතුවෙනුයි.

ඔහු පිතිකරණයේ නිරතව සිටියදී ලකුණක් කරා දිව යාමට ගත් උත්හාහයක් අතරතුර දී මෙම අනතුර සිදු වුණා.

චන්දිමාල් එම ලකුණ කරා දිව නොයා අතරමගදී යළි සිය සීමාව කරා පෙරළා දිව ආ අතර එහිදී බිම වැතිරෙමින් සිය සීමාව සලකුණු කරනු ලැබුවේ දුවද්දී දැවී යාමකින් ආරක්ෂා වීම සදහායි.

කෙසේ වෙතත්, එම අවස්ථාවේ දී ඔහුගේ දකුණු උරහිසෙහි යම් ආබාධයක් සිදු වුණා.

මූලික වෛද්‍ය ප්‍රතිකාර ක්‍රීඩාංගනය තුළ දී ම ලබා දුන් නමුත්, පසුව ඔහු පිටියෙන් ඉවත් වීමටයි පියවර ගත්තේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ වෛද්‍ය පරීක්ෂණයකට මුහුණ දීම සදහා චන්දිමාල් රෝහල් ගත කර ඇති බවයි.

ආබාධය සිදු වන විට දිනේෂ් චන්දිමාල් ලකුණු 13 ක් ලබා සිටියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...