ඩුසේන්, මහරාජ් හා ක්ලාසෙන් සමග දකුණු අප්‍රිකා ටෙස්ට් සංචිතය නම් කෙරේ

Date:

එළඹෙන ඔස්ට්‍රේලියානු තරග සංචාරය සදහා වන දකුණු අප්‍රිකා ටෙස්ට් සංචිතය අද(14) දකුණු අප්‍රිකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නම් කර තිබෙනවා.

ඩීන් එල්ගර්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත්.

ටෙස්ට් සංචිතය සදහා පළමු වරට 22 හැවිරිදි වේග පන්දු යවන ක්‍රීඩක Gerald Coetzee නම් කර තිබීම විශේෂත්වයක්.

2019 වසරේ දී අවසන් වරට ජාතික කණ්ඩායම නියෝජනය කළ Theunis de Bruyn යළි සංචිතයට කැදවා තිබෙනවා.

ආබාධයක් හේතුවෙන් නිමා වූ 20යි 20 ලෝක කුසලාන තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වූ මැදපෙල පිතිකරු රසී වැන් ඩර් ඩුසේන් මේ වන විට සුවය ලබා ඇති බැවින් ටෙස්ට් සංචිතයට නම් කර ඇති බවයි දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

20යි 20 ලෝක කුසලානයේ දී ආබාධයකට ලක් වූ දග පන්දු යවන ක්‍රීඩක කේෂාව් මහරාජ් ද සුව අතට හැරෙමින් පවතින බැවින් ඔස්ට්‍රේලියානු සංචාරය සදහා නම් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ආබාධයකට ලක්වීම හේතුවෙන් කීගන් පීටර්සන්ට හා Ryan Rickelton ට මෙම සංචාරය අහිමි වී ඇති අතර, Rickelton වෙනුවට  හෙයින්රික් ක්ලාසෙන් සංචිතයට ආදේශ කිරීමටයි තීරණය කර ඇත්තේ.

මෙම සංචාරයේ දී දෙරට අතර ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතට අයත් ටෙස්ට් තරග 3ක් පැවැත්වීමට නියමිත අතර, පළමු තරගය දෙසැම්බර් 17 වැනිදා බ්‍රිස්බේන් හි ගැබා ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

Proteas Test squad against Australia :

Dean Elgar (c), Temba Bavuma , Gerald Coetzee , Theunis de Bruyn , Sarel Erwee , Simon Harmer , Marco Jansen , Heinrich Klaasen , Keshav Maharaj , Lungi Ngidi , Anrich Nortje , Kagiso Rabada , Glenton Stuurman , Rassie van der Dussen , Kyle Verreynne , Khaya Zondo

  • 17 – 21 December : 1st Test, Australia vs South Africa – The Gabba, Brisbane
  • 26 – 30 December : 2nd Test, Australia vs South Africa – MCG, Melbourne
  • 04 – 08 January : 3rd Test, Australia vs South Africa – SCG, Sydney

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...