ටෙස්ට් කිරුළ යළි ස්මිත්ට

Date:

අයි.සී.සී ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්හි පිතිකරණ අංශයේ යළි පෙරමුණ හිමි කර ගැනීමට ඔස්ට්‍රේලියාවේ ස්ටීවන් ස්මිත් සමත්ව තිබෙනවා.

ඒ, මෙතෙක් පෙරමුණේ පසු වූ නවසීලන්ත නායක කේන් විලියම්සන් දෙවැනි ස්ථානයට පත් කරමින්.

එංගලන්තය සමග පැවැති පළමු ටෙස්ට් තරගයේ දී විලියම්සන් ලකුණු 13ක් පමණක් රැස් කළ අතර, දෙවැනි තරගය සදහා ඔහු ආබාධයක් හේතුවෙන් ක්‍රීඩා කළේ නැහැ.

ඒ අනුව ඔහුට හිමිව තිබූ ප්‍රසාද ලකුණු කිහිපයක් අහිමි වී ඇති අතර, මේ වන විට කේන් විලියම්සන්ට හිමිව ඇත්තේ ප්‍රසාද ලකුණු 886ක්.

ස්ටීවන් ස්මිත්ට ප්‍රසාද ලකුණු 891ක් හිමිව තිබෙනවා.

මේ අතර, බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව නිමා වූ පළමු ටෙස්ට් තරගයේ දී ශතකයක් රැස් කළ දකුණු අප්‍රිකාවේ ක්වෙන්ටන් ඩී කොක් ස්ථාන 11කින් ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට පැමිණ ඇති අතර, ඔහු ඉන්දියාවේ චෙටස්වර් පුජාරා සමග සම 12 වන ස්ථානයේ රැදී සිටිනවා.

දකුණු අප්‍රිකාවේ ඒඩ්න් මාක්‍රම් ද ස්ථාන දෙකකින් ඉදිරියට පැමිණ ඇත්තේ 14 වන ස්ථානය දක්වායි.

මේ අතර, පන්දු යැවීමේ ශ්‍රේණිගත කිරීම්හි 7 වන ස්ථානය දක්වා ස්ථාන දෙකකින් ඉදිරියට පැමිණීමට කාගිසෝ රබාඩා සමත්ව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...