සසායිගේ පන්දු 17 අර්ධ ශතකය පෙෂාවර් පිලට ජය ගෙනෙයි

Date:

පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 24 වන තරගයෙන් ජය වාර්තා කිරීමට පෙෂාවර් සල්මි කණ්ඩායම ඊයේ(15) රාත්‍රියේ සමත් වුණා. ඔවුන් හමුවේ අබුඩාබිහී දී පැවැති තරගයේ දී කඩුලු 6කින් පරාජයට පත් වූයේ කරච්චි කිංග්ස් කණ්ඩායමයි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කරච්චි කණ්ඩායමට කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 108ක් පමණයි. අබ්බාස් අෆ්රිඩි ලකුණු 27ක් සහ ෂර්ජීල් ඛාන් ලකුණු 25ක් රැස් කළා.

පන්දු යැවීමේ දී වහබ් රියාස් සහ අබ්රාර් අහ්මඩ් කඩුලු 3 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පෙෂාවර් කණ්ඩායම පන්දුවාර 11ක් අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා. මංගල PSL තරගයට ක්‍රීඩා කළ හස්රටුල්ලාහ් සසායි පන්දු පන්දු 26කින් ලකුණු 63ක් ලබා ගත්තේ හයේ පහර 4ක් සහ හතරේ පහර 8ක් සිය ඉනිමට එක් කරමින්. ඔහු සිය අර්ධ ශතකය වාර්තා කළේ පන්දු 17කින්.

පන්දු යැවීමේ දී ඉමාඩ් වසීම් කඩුලු 2ක් දවා ගත්තා.

මේ අතර, තරගාවලියේ 23 වන තරගය ද ඊයේ පැවැත්වුණා. ඒ, ක්වෙට්ටා ග්ලැඩියේටර්ස් කණ්ඩායම සහ ලාහෝර් කලැන්ඩර්ස් කණ්ඩායම අතරයි. එම තරගයෙන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ලකුණු 18ක ජයක් වාර්තා කළා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 158ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කලැන්ඩර්ස් කණ්ඩායමට පන්දුවාර 18ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 140ක් පමණයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...