ටමිම් ඉක්බාල් T 20 ලෝක කුසලානයෙන් ඉවත් වෙයි

Date:

බංග්ලාදේශ ආරම්භක පිතිකරුවෙකු වන ටමිම් ඉක්බාල් මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

ඔහු පෙන්වා දෙන්නේ පසුගිය 20යි 20 තරග 15 – 20 තුළ දී තමා ජාතික කණ්ඩායම නියෝජනය නොකිරීම හේතුවෙන් එම තීරණය ගත් බවයි.

තමා වෙනුවට වෙනත් ක්‍රීඩකයින් ආදේශ කර ඇති බවත්, ඔවුන් වෙනුවට තමා යළි කණ්ඩායමට පැමිණීම සුදුසු නොවන බවත් ටමිම් ඉක්බාල්  සදහන් කළා.

එය ඔවුන්ට සිදු කරන අසාධාරණයක් බවයි ටමිම්ගේ අදහස වී ඇත්තේ.

කෙසේ වෙතත්, තමා ජාත්‍යන්තර 20යි 20 ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණයක් ගෙන නොමැති බව ද ඔහු අවධාරණය කර සිටියා.

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලිය ඔක්තෝබර් 17 වනදා සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී හා ඕමානයේ දී පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...