ජනිත්ගේ සටන්කාමී ඉනිම හමුවේ දඹුල්ල Qualifier 2 තරගයට සුදුසුකම් ලබයි

Date:

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ තෙවැනි තරගය හෙවත් Qualifier 2 තරගයට සුදුසුකම් ලබා ගැනීමට දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම අද(19) සමත් වුණා.

ඒ, තරගාවලියේ අවසන් වටය ආරම්භ කරමින් හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැති Eliminator තරගයෙන් කලම්බු ස්ටාර්ස් කණ්ඩායම පරදා කඩුලු 6ක ජයක් වාර්තා කරමින්.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ස්ටාර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 6ක් දැවී ලකුණු 145ක් රැස් කළා.

කුසල් පෙරේරා ලකුණු 3කට දැවී ගිය අතර, ටොම් බැන්ටන් මෙම තරගයේ දී ද දුවද්දී දැවී ගියේ ලකුණු 13ක් ලබා සිටියදීයි.

අංක 3 පිතිකරු ලෙස පන්දුවට පහරදුන් පැතුම් නිස්සංක ලකුණු 42ක් ලබා ගත්තා.

නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ ඇන්ජෙලෝ මැතිව්ස් පන්දු 34කින් වේගවත් ලකුණු 50ක් නොදැවී රැස් කළේ හයේ පහර 2ක් හා හතරේ පහර 4ක් සමගින්.

පන්දු යැවීමේ දී නුවන් ප්‍රදීප් හා ඉම්රාන් තහීර් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම පන්දුවාර 18.5ක් අවසානයේ කඩුලු 4ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.(146/4)

ඉනිමේ පළමු පන්දුවෙන්ම වැඩබලන නායක නිරෝෂන් දික්වැල්ල ලකුණු නොලබා සිටියදී දවා ගැනීමට දුෂ්මන්ත චමීර සමත් වුණා.

සදුන් වීරක්කොඩි ලකුණු 10කට දැවී ගිය අතර, පිල් සෝල්ට් ලකුණු 32යි.

දඹුල්ල ඉනිමේ නැංගුරම බවට පත් වූ ජනිත් ලියනගේ පන්දු 47කින් නොදැවී ලකුණු 56ක් රැස් කළා.(4X5)

නජිබුල්ලාහ් සඩ්රාන් ලකුණු 34ක් ලබා ගනිමින් ඔහුට අනගි සහායක් ලබා දුන්නා.

පන්දු යැවීමේ දී දුෂ්මන්ත චමීර, නවීන් උල් හක්, සීක්කුගේ ප්‍රසන්න හා ජෙෆ්රි වැන්ඩර්සේ කඩුල්ල බැගින් දවා ගත්තා.

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...