Watch : දුෂ්මන්ත චමීර LPL තරගාවලියේ වේගවත්ම පන්දුව දෙවරක් යොමු කරයි

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ තරග අද(19) ආරම්භ වුණා.

ඒ, කලම්බු ස්ටාර්ස් කණ්ඩායම හා දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම අතර පැවැති Eliminator තරගත් සමගයි.

මෙම තරගයේ දී දඹුල්ල කණ්ඩායම මෙහෙයවීමේ වගකීම නිරෝෂන් දික්වැල්ලට හිමි වුණේ නිත්‍ය නායක දසුන් ශානක ආබාධයකට ලක්වීම හේතුවෙන් අදාළ තරගයට ක්‍රීඩා නොකළ බැවින්.

කෙසේ වෙතත්, දික්වැල්ලට මෙම තරගයේ දී ලකුණු අතරට පැමිණීමට කලම්බු ස්ටාර්ස් කණ්ඩායමේ දුෂ්මන්ත චමීර ඉඩ ලබා දුන්නේ නැහැ.

ඒ, දඹුල්ල ජයන්ට්ස් ඉනිමේ පළමු පන්දුවෙන්ම දික්වැල්ලගේ කඩුල්ල දවා ගනිමින්.

පන්දු යැවූ දුෂ්මන්ත චමීර විසින්ම උඩ පන්දුවක් රැක ගැනීම හේතුවෙනුයි දික්වැල්ල දැවී ගියේ.

දුෂ්මන්ත චමීර විසින් එම පන්දුවාරයේ අවසන් පන්දුව පැයට කිලෝ මීටර් 150 ඉක්මවූ වේගයකින් යොමු කරමින් තරගාවලියේ වේගවත්ම පන්දුව යොමු කිරීම ද කැපී පෙනුණා.

කෙසේ වෙතත්, තමා විසින් පිහිටු වූ එම වාර්තාව ඔහු විසින් යොමු කළ ඊළග පන්දුවාරයේ දී ම බිද දැමීමට දුෂ්මන්ත සමත් වුණේ පැයට කිලෝ මීටර් 150.6ක වේගයකින් පන්දුව යොමු කරමින්.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...