චාමිකගේ හා භානුකගේ සටන්කාමී පිතිහරඹය ශ්‍රී ලංකාවට තරගාවලි ජයක් ගෙන එයි

Date:

චාමික කරුණාරත්නගේ හා භානුක රාජපක්ෂගේ සුපිරි සටන්කාමී පිතිහරඹය හේතුවෙන් ඕමානය සමග පැවැති තරග 2කින් යුත් 20යි 20 තරගාවලිය තරග 2-0ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකාව අද(9) සමත් වුණා.

ඒ, දෙරට අතර පැවැති දෙවැනි 20යි 20 තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 5ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

ඕමාන ක්‍රිකට් ඇකඩමි ක්‍රීඩාංගනයේ පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදීමට ඕමානයට ආරාධනා කළා.

ඒ අනුව ඕමානය පන්දුවාර 20 තුළ කඩුලු 8ක් දැවී ලකුණු 159ක් රැස් කළා.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Aqib Ilyas ලකුණු 59(38) ක් ලබා ගත්තා. හයේ පහර 4ක් හා හතරේ පහර 3ක් ඊට ඇතුළත්.

පන්දු යැවීමේ ළහිරු කුමාර හා චාමික කරුණාරත්න කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව පන්දුවාර 17.3ක් අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 163ක් ලබා ජයග්‍රහනය තහවුරු කළා.

ඒ, 6 වන කඩුල්ලට චාමික කරුණාරත්න හා භානුක රාජපක්ෂ අතර ගොඩ නැගුණු ලකුණු 74ක නොබිදුණු සබදතාවය හේතුවෙන්.

භානුක පන්දු 21කදී ලකුණු 35ක් ද, චාමික පන්දු 26කින් ලකුණූ 35ක් ද රැස් කළා.

ශ්‍රී ලංකා ඉනිමේ 5 වන කඩුල්ල බිද වැටුණේ මුළු ලකුණු ප්‍රමාණය 89ක්ව තිබියදීයි. ඒ, තරගය ජය ගැනීමේ වැඩි බලාපොරොත්තු ඕමානය වෙත නතු කරමින්. කෙසේ වෙතත්, ඉන් අනතුරුවයි චාමික හා භානුක සටන්කාමී ඉනිම් දියත් කරමින් ශ්‍රී ලංකාව ජයග්‍රහනය කරා රැගෙන ගියේ.

ශ්‍රී ලංකා ඉනිමේ දී දිනේෂ් චන්දිමාල් ලකුණු 18(8)කට දැවී ගිය අතර, චරිත් අසලංක ලකුණු 5කට දැවී ගියා. පැතුම් නිස්සංක ලකුණු 26(29)ක් රැස් කළා.

අවිශ්ක ප්‍රනාන්දු පන්දු 18කින් වේගවත් ලකුණු 33ක් ලබා ගත්තා. ඒ, හයේ පහර 3ක් සමගින්.

නායක දසුන් ශානකට ලකුණු රැස් කිරීමට හැකි වූයේ නැහැ.

පන්දු යැවීමේ දී Mohammad Nadeem කඩුලු 2ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...