ලෝක කුසලානය වෙනුවෙන් මහේලගේ ධූර කාලය දීර්ඝ වෙයි

Date:

එළඹෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක ලෙස පත් කෙරුණු හිටපු නායක මහේල ජයවර්ධන මහතා, ශ්‍රී ලංකා කණ්ඩායම සමග රැදී සිටින කාලය දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව ඔහු අද(10) දිනයේ දී කණ්ඩායම සමග එක්වන බවයි වාර්තා වන්නේ.

මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ මහේල ජයවර්ධන ලබන 16 වනදා සිට 23 වනදා දක්වා සතියක කාලයක් කණ්ඩායම සමග රැදී සිටින බවයි.

නමුත්, ඔහු අද දිනයේ දී කණ්ඩායම සමග එක්වීමත් සමග ඔහු කණ්ඩායම සමග රැදී සිටින කාලය සති දෙකක පමණ කාලයක් දක්වා දීර්ඝ වනු ඇති.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී ද ඔහු හිටපු ශූරයින් වන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ නමුත්, එම කණ්ඩායම අවසන් වටයට(Playoffs) සුදුසුකම් ලැබීමට සමත් වූයේ නැහැ. අයි.පී.එල් තරගාවලියේ අවසන් වටයේ තරග අද සිට ආරම්භ වනවා.

ඒ හේතුවෙන් මහේල අද දිනයේ සිට ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වීමටයි පියවර ගෙන ඇත්තේ.

ලෝක කුසලාන තරගාවලිය සදහා අවසන් සංචිත ප්‍රකාශයට පත් කළ යුතු අවසන් දිනය වන්නේ ද අද දිනය වන බැවින්, ශ්‍රී ලංකා සංචිතයේ වෙනස්කම් කිහිපයක් ද සිදු කිරීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.

නුවන් ප්‍රදීප් පසුගියදා මුහුණ දුන් ආබාධය ද එහිදී සලකා බැලෙනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...