බ්‍රැඩ්මන් සමග සම වෙමින් කමිදු මෙන්ඩිස් පිහිටු වූ වාර්තාව

Date:

ලෝක ටෙස්ට් ඉතිහාසයේ ටෙස්ට් ලකුණු 1,000 සම්පූර්ණ කළ සම දෙවැනි වේගවත්ම පිතිකරු හා ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 1,000 සීමාව පසු කළ වේගවත්ම පිතිකරු බවට පත් වීමට ශ්‍රී ලංකා මැද පෙල පිතිකරු කමිදු මෙන්ඩිස් අද(27) සමත් වුණා.

ඒ, නවසීලන්තය සමග ගාල්ලේ දී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිමේ දී නොදැවී ලකුණු 182 ක් ලබා ගනිමින් ඔහු දැක් වූ දක්ෂතාවයත් සමගයි.

ටෙස්ට් ලකුණු 1,000 සම්පූර්ණ කළ වේගවත්ම පිතිකරුවන් දෙදෙනා වන්නේ ඉනිම් 12 කදී එම කඩඉම පසු කළ එංගලන්තයේ Herbert Sutcliffe (1925 වසරේ දී) හා බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි Everton Weekes (1949 වසරේ දී).

කමිදු ටෙස්ට් ලකුණු 1,000 සීමාව පසු කළේ ඉනිම් 13 ක් පමණක් වැය කරමින්. ඔස්ට්‍රේලියාවේ ඩොනල්ඩ් බ්‍රැඩ්මන් (1930 වසරේ දී) ද මීට පෙර ඉනිම් 13 කින් එම කඩඉමට ළගා වී තිබුණා.

ඒ අනුව 1949 වසරෙන් පසුව ටෙස්ට් ලකුණු 1,000 සීමාව පසු කළ වේගවත්ම පිතිකරු ලෙසයි කමිදු ඉතිහාසගත වුණේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...