ඩ්වේයන් බ්‍රාවෝ ක්‍රිකට් පිටියට සමු දීම තහවුරු කරයි

Date:

තමා ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා බව බටහිර ඉන්දීය කොදෙව් සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ඩ්වේයන් බ්‍රාවෝ  මේ වන විට තහවුරු කර තිබෙනවා. ඒ, සමාජ මාධ්‍ය ගිණුම් වෙත සටහනක් එක් කරමින්.

මෙවර කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියෙන් පසුව ඔහු ක්‍රිකට් පිටියට සමු දීමට නියමිතව සිටි නමුත්, ආබාධයක් හේතුවෙන් ඔහුට එම තරගාවලිය ද අවසන් වන තුරු ක්‍රීඩා කිරීමට මේ වන විට හැකි වී නැහැ.

ලබන මාසයේ දී 41 වන වියට පා තබන බ්‍රාවෝ විස්සයි 20 තරග 582 කදී කඩුලු 631 ක් දවා ගෙන ඇති අතර, එම කඩුලු ප්‍රමාණය විස්සයි 20 පිටියේ දී පන්දු යවන්නෙකු බිද හෙලූ වැඩිම කඩුලු ගණන ලෙසයි ඉතිහාසගත වී ඇත්තේ.

ඩ්වේයන් බ්‍රාවෝ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දුන්නේ 2021 වසරේ දී යි.

පුහුණුකරුවෙකු ලෙස සිය වෘත්තීය දිවිය මේ වන විට ආරම්භ කරමින් සිටින බ්‍රාවෝ චෙන්නායි සුපර් කිංග්ස් හා ඇෆ්ඝනිස්තාන කණ්ඩායමේ පුහුණුකරු ධූරයන් මේ වන විට දරා තිබෙනවා.

IPL, PSL, BBL ශූරතා ජය ගෙන ඇති බ්‍රාවෝ කොදෙව්වන් නියෝජනය කරමින් දෙවරක් ලෝක විස්සයි 20 ශූරතාවය ද දිනා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...