ගාලු ටෙස්ට් තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වේවිද? කාළගුණයෙන් ගාල්ලට රතු නිවේදනයක්

Date:

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර ගාල්ලේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයට වර්ෂාවෙන් දැඩි බාධා එල්ල වීමේ අවධානමක් මතුව තිබෙනවා.

ඊයේ(26) ආරම්භ වූ තරගය පළමු දිනයට තරගය නතර කරන විට කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 3 ක් දැවී ලකුණු 306 ක් ලබා සිටියා.

නොදැවී පන්දුවට පහර දෙමින් සිටින ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 78 ක් හා කමිදු මෙන්ඩිස් ලකුණු 51 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

සිය 16 වැනි ටෙස්ට් ශතකය වාර්තා කළ දිනේෂ් චන්දිමාල් ලකුණු 116 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළා. හතරේ පහර 15 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

මේ අතර, ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් ගාල්ල ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකට තද වැසි ඇති වීම පිලිබඳ අනතුරු ඇඟවීමේ (රතු) නිවේදනයක් කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

ගාල්ල ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකට මි.මී. 150 ට වඩා වැඩි ඉතා තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කර ඇත්තේ.

දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් අද දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බව සදහන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...