කමින්ස්ගේ සටන හමුවේ පළමු අළුබදුන තරගයෙන් ඔස්ට්‍රේලියාවට කඩුලු 2ක තියුණු ජයක් 

Date:

පැට් කමින්ස් හා නේදන් ලයන් 9 වැනි කඩුල්ල සදහා ගොඩ නැගූ නොබිදුණු ලකුණු 55* (72) ක සම්බන්ධතාවය හේතුවෙන් එංගලන්තය සමග බර්මිංහැම්හි Edgbaston ක්‍රීඩාංගනයේ පැවැති පළමු අළුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 2 ක තියුණු ජයක් වාර්තා කරමින් තරග 5කින් යුත් අළුබදුන තරගාවලියට ජයග්‍රාහී ආරම්භයක් ලබා ගැනීමට සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද(20) සමත් වුණා.

තරගයේ අවසන් දිනය වූ අද දිනය වර්ෂාව හේතුවෙන් ආරම්භ කෙරුණේ පැය කිහිපයක ප්‍රමාදයකින් පසුවයි. දිනය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිමේ දී ලකුණු 281 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යමින් සිටි ඔස්ට්‍රේලියාව කඩුලු 3ක් දැවී ලකුණු 107 ක් ලබා සිටි අතර, ඔවුන් කඩුලු 8ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියා.

දිනයේ පළමු කඩුල්ල ලෙස ස්කොට් බෝලන්ඩ් ලකුණු 20 කට දවා ගැනීමට ස්ටුවට් බ්‍රෝඩ් සමත් වුණා. ට්‍රැවිස් හෙඩ් ලකුණු 16කටත්, කැමරන් ග්‍රීන් ලකුණු 28 කටත් දැවී ගියා. උස්මාන් කවාජා ලකුණු 65 ක් ලබා සිටියදී දවා ගැනීමට බෙන් ස්ටොක්ස් සමත් වුණේ තරගයේ පාලනය සිය කණ්ඩායම වෙත හිමි කර දෙමින්. ඇලෙක්ස් කෙරී ලකුණු 20 කට දවා ගැනීමට ජෝ රූට් සමත් වුණා. රූට් විසින්ම රැක ගත් සුපිරි උඩ පන්දුවක් හේතුවෙනුයි කෙරී දැවී ගියේ. (දර්ශන පහතින්)

ඔහු දැවී යන අවස්ථාව වන විට ඔස්ට්‍රේලියාවට තරගය ජය ගැනීම සදහා ලකුණු 54 ක් ලබා ගත යුතුව තිබූ බැවින් එම අවස්ථාවේ දී තරගයේ ජයග්‍රහනය පිළිබද වැඩි බලාපොරොත්තු එංගලන්තය සතු වුණා.

කෙසේ වෙතත්, අනතුරුව නායක පැට් කමින්ස් සමග පිටියේ එක් වූ නේදන් ලයන් 9 වැනි කඩුල්ල සදහා නොබිදුණු සම්බන්ධතාවයක් ගොඩ නගමින් ඔස්ට්‍රේලියාවට විශිෂ්ඨ ජයක් උරුම කර දුන්නා. කමින්ස් නොදැවී ලකුණු 44 ක් රැස් කළේ හයේ පහර 2 ක් හා හතරේ පහර 4ක් සමගින්. ලයන් නොදැවී ලකුණු 16 යි.

ඔස්ට්‍රේලියා ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් ලකුණු 36 ක් රැස් කළ අතර, මර්නස් ලබුෂේන් හා ස්ටීවන් ස්මිත් පිළිවෙලින් ලකුණු 13 කට හා 6කට දැවී ගියා.

පන්දු යැවීමේ දී ස්ටුවට් බ්‍රෝඩ් කඩුලු 3 ක් හා ඔලී රොබින්සන් කඩුලු 2 ක් බිද හෙලුවා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය කඩුලු 8ක් දැවී ලකුණු 393 ක් ලබා සිටියදී සිය පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කළ අතර, පිළිතුරු ලෙස සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාව සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 386 ක්.

අනතුරුව එංගලන්තය සිය දෙවැනි ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 273 ක් ලබා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...