ශ්‍රී ලංකාවට වැස්ස හරස් වෙයි ; ඉන්දියාව හා බංග්ලාදේශය අවසන් තරගයට

Date:

ආසියානු කුසලාන නැගීඑන කාන්තා කණ්ඩායම් 20යි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ඉන්දීය A කණ්ඩායම හා බංග්ලාදේශ A කණ්ඩායම අද(20) සමත් වුණා. අවසන් මහා තරගය හෙට මෙරට වේලාවෙන් පෙරවරු 9.00ට ආරම්භ වීමට නියමිතයි.

හොංකොං හී දී පැවැත්වෙන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය ශ්‍රී ලංකා A කණ්ඩායම හා ඉන්දීය A කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබූ නමුත්, වර්ෂාව හේතුවෙන් තරගය පැවැත්වීමට හැකි වූයේ නැහැ.

ඊයේ දිනයේ දී එම තරගය පැවැත්වීමට නියමිතව තිබූ අතර, ඊයේ පැවැත්වීමට නොහැකි වූ තරගය අද දිනයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබුණා. කෙසේ වෙතත්, අද දිනයේ දී ද තරගය පැවැත්වීමට හැකි වූයේ නැහැ.

ඒ අනුව මූලික වටයේ දී A කණ්ඩායමේ පෙරමුණ හිමි කරගත් ඉන්දියාව අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා.

ශ්‍රී ලංකාව මූලික වටයේ දී B කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පත් වුණේ ප්‍රසාද ලකුණු 4 ක් හිමි කර ගනිමින්. මූලික වටයේ දී ශ්‍රී ලංකාව හමුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම පරාජයට පත් වූ අතර, බංග්ලාදේශයට එරෙහි තරගය හා මැලේසියාවට එරෙහි තරගය වර්ෂාව හේතුවෙන් පැවැත්වීමට හැකි වූයේ නැහැ.

තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයේ දී පාකිස්තානය ලකුණු 6කින් පරාජයට පත් කරමිනුයි බංග්ලාදේශය අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...