ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නවසීලන්ත සංචාරය අවලංගු කෙරේ

Date:

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ එළඹෙන නවසීලන්ත 20යි 20 තරග සංචාරය අවලංගු කිරීමට දෙරටේ ක්‍රිකට් ආයතන තීරණය කර තිබෙනවා.

ඒ, කොවිඩ් 19 හේතුවෙන් පනවා ඇති නවසීලන්තයේ දේශසීමා පාලන නීති හා නිරෝධායන නීති පදනම් කර ගනිමින්.

ලබන මාසයට යෙදී තිබූ මෙම සංචාරයේ දී දෙරට අතර 20යි 20 තරග 3ක් නේපියර් හී දී පැවැත්වීමට නියමිතව තිබුණා.

නවසීලන්ත රජය ඕස්ට්‍රේලියාවේ සිට පැමිණෙන පුද්ගලයින් සඳහා නිරෝධායන නීති ලිහිල් කිරීමට කටයුතු කරනු ඇති බවට උපකල්පනය කරමිනුයි මෙම තරගාවලිය පැවැත්වීමට සැලසුම් කර තිබුණේ.

කෙසේ වෙතත්, එම නීති ලිහිල් කිරීමට මෙතෙක් නවසීලන්ත රජය කටයුතු කර නැහැ.

ඒ හේතුවෙන් පසුගිය 30 වනදා ආරම්භ වීමට නියමිතව තිබූ නවසීලන්ත කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු තරග සංචාරය ද අත්හිටුවීමට සිදු වුණා.

මේ අතර, නවසීලන්තය හා නෙදර්ලන්තය අතර මාර්තු 25 වනදා ටෝරන්ගා (Tauranga) හී දී පැවැත්වීමට නියමිතව තිබූ 20යි 20 තරගය නේපියර් හී දී පැවැත්වීමට ද නවසීලන්ත ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...