ජ්‍යෙෂ්ඨයින් දෙදෙනා ඇතුළු 8 දෙනෙකු එංගලන්ත සංචිතයෙන් ඉවත් කෙරේ

Date:

එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය සදහා වන එංගලන්ත ටෙස්ට් සංචිතය නම් කර තිබෙනවා.

ජෝ රූට්ගේ සුපුරුදු නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත්.

මෙම සංචිතයෙන් ජ්‍යෙෂ්ඨ වේග පන්දු යවන ක්‍රීඩකයින් දෙදෙනෙකු වන ජේම්ස් ඇන්ඩර්සන් හා ස්ටුවට් බ්‍රෝඩ් ඉවත් කර තිබීම විශේෂත්වයක්.

ඊට අමතරව නිමා වූ අලුබදුන ටෙස්ට් තරගාවලියට එක් වූ තවත් ක්‍රීඩකයින් 6 දෙනෙකුට ද සංචිතයේ ස්ථාන අහිමි වී තිබෙනවා.

ඩොම් බෙස්, සෑම් බිලින්ග්ස්, රෝරි බර්න්ස්, ජොස් බට්ලර්, හසීබ් හමීඩ් හා ඩාවිඩ් මලාන් යන ක්‍රීඩකයිනුයි එලෙස ටෙස්ට් සංචිතයෙන් ඉවත් කර ඇත්තේ.

ආරම්භක පිතිකරුවෙකු වන ඇලෙක්ස් ලීස් (Alex Lees) හා වේග පන්දු යවන ක්‍රීඩක මැතිව් ෆිෂර් (Matthew Fisher) පළමු වරට ටෙස්ට් සංචිතයට කැදවීමට පියවර ගෙන තිබෙනවා.

මෙතෙක් ටෙස්ට් වරම් ලබා නොමැති සකිබ් මහ්මූද් හා මැතිව් පාර්කින්සන් ද ටෙස්ට් සංචිතයට ඇතුළත්.

කඩුලු රකින පිතිකරු බෙන් ෆෝක්ස් වසරකට පමණ පසුව යළි සංචිතයට කැදවීමටයි එරට තේරීම් මණ්ඩලය පියවර ගෙන ඇත්තේ.

එංගලන්ත කණ්ඩායමේ වැඩබලන කළමනාකාර අධ්‍යක්ෂ ඇන්ඩෘෘ ස්ට්‍රාව්ස් හා වැඩබලන ප්‍රධාන පුහුණුකරු පෝල් කොලින්වුඩ් ද එම තේරීම් මණ්ඩලයට ඇතුළත්.

එළඹෙන 24 වනදා එංගලන්ත කණ්ඩායම කොදෙව් දූපත් කරා පිටත්ව යාමට නියමිත අතර, එහිදී දෙරට අතර ටෙස්ට් තරග 3ක් පැවැත්වීමට නියමිතයි.

England Men’s Test squad :
Joe Root (c), Jonathan Bairstow , Zak Crawley , Matthew Fisher, Ben Foakes, Dan Lawrence, Jack Leach, Alex Lees, Saqib Mahmood, Craig Overton, Matthew Parkinson, Ollie Pope, Ollie Robinson, Ben Stokes, Chris Woakes, Mark Wood

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...