එක්දින තරගාවලිය අභියස ඇෆ්ඝනිස්තාන ක්‍රීඩකයින් 8 දෙනෙකුට කොරෝනා

Date:

මේ වන විට බංග්ලාදේශ තරග සංචාරයක් ආරම්භ කර ඇති ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් 8 දෙනෙකුට හා සහාය කාර්යය මණ්ඩල සාමාජිකයින් තිදෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වී තිබෙනවා.

වෛරසය ආසාදනය නොවූ ක්‍රීඩකයින්ට සිල්හෙට් ක්‍රීඩාංගනයේ දී පුහුණුවීම් සිදු කිරීම සදහා අවසර ලැබී ඇති බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.

සාමාජිකයින් 22 දෙනෙකුගෙන් යුත් ඇෆ්ඝනිස්තාන කණ්ඩායම පසුගිය 12 වනදායි ඩකා නුවරට ළගා වුණේ.

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියට එක්ව සිටි ක්‍රීඩකයින් තිදෙනෙකු පසුව කණ්ඩායම හා එක් වූ අතර, මේ වන විට පාකිස්තාන සුපර් ලීග් තරගාවලියට එක්ව සිටින රෂීඩ් ඛාන් හා මොහොමඩ් නබී ඉදිරියේ දී කණ්ඩායම හා එක්වීමට නියමිතයි.

මෙම තරග සංචාරයේ දී බංග්ලාදේශය හා ඇෆ්ඝනිස්තානය අතර තරග 3කින් යුත් එක්දින තරගාවලියක් හා තරග 2කින් යුත් 20යි 20 තරගාවලියක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

පළමු එක්දින තරගය පැවැත්වෙන්නේ එළඹෙන 23 වනදායි.

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...