ඉන්දියාව ක්‍රිකට් ආධිපත්‍ය පතුරද්දී ශ්‍රී ලංකාවට අයි.සී.සීයෙන් හිමිවන ආදායම් කොටස මෙන්න

Date:

ජගත් ක්‍රිකට් කවුන්සලයේ (අයි.සී.සී) ආදායම් බෙදාහැරීමේ නව ආකෘතියට අනුව අයි.සී.සී ශුද්ධ අතිරික්ත ආදායම්වලින් 40%කට ආසන්න ඉහළ කොටසක් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට හිමි වීමට නියමිතව ඇති බව ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.

නව ආකෘතිය මේ වන විට සාකච්ඡා මට්ටමේ පවතින අතර, ඊට අනුව ඉදිරි වසර හතර තුළ දී (2024-27) ඉන්දියාව අයි.සී.සී ආදායමෙන් 38.5% ක ප්‍රතිශතයක් හෙවත් අමෙරිකානු ඩොලර් මිලියන 230 ක මුදලක් වාර්ෂිකව හිමි කර ගැනීමට නියමිතයි. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 7,254 ක පමණ අගයක් වනවා.

අයි.සී.සී වාර්ෂික ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 600 ක් ලෙස ගණනය කර තිබෙනවා. එනම්, ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 18,924 ක පමණ අගයක්.

මේ අනුව පෙනී යන්නේ ඉන්දියාව, ඔස්ට්‍රේලියාව හා එංගලන්තය ක්‍රිකට් බලවතුන් කරමින් 2014 වසරේ දී හදුන්වා දුන් “බිග් ත්‍රී” සංකල්පය ද අභිබවා ගොස් මේ වන විට ලෝක ක්‍රිකට් පිටියේ තනි බලවතා බවට ඉන්දියාව පත්ව ඇති බවයි.

යෝජිත ආදායම් බෙදාහැරීමේ නව ආකෘතියට අනුව වැඩිම ඉපැයීමක් ලබන අනෙක් රට වන්නේ එංගලන්තයයි. ඔවුන් අමෙරිකානු ඩොලර් මිලියන 41.33 ක මුදලක් හෙවත් අයි.සී.සී ආදායමෙන් 6.89% කොටසක් හිමි කර ගනු ඇති.

ඔස්ට්‍රේලියාවට මෙම ලැයිස්තුවේ හිමිව ඇත්තේ තෙවැනි ස්ථානයයි. ඔවුන් ඩොලර් මිලියන 37.53 ක (6.25%) මුදලකට හිමිකම් කීමට නියමිතයි.

පාකිස්තාන ක්‍රිකට් ආයතනයට ඩොලර් මිලියන 34.51 ක (5.75%) මුදලක් ලැබීමට නියමිත අතර, සෙසු කිසිදු ටෙස්ට් රටකට  ඩොලර් මිලියන 30 කට වැඩි මුදලක් වාර්ෂිකව හිමිවන්නේ නැහැ.

ආයාදම් බෙදී යන ලැයිස්තුවේ 7 වැනි ස්ථානයේ රැදී සිටින ශ්‍රී ලංකාවට වාර්ෂිකව ඩොලර් මිලියන 27.12 (4.52%) ක මුදලක් අයි.සී.සී ආදායමෙන් ලැබීමට නියමිතයි. එනම් රුපියල් මිලියන 8,553 ක පමණ මුදලක්.

අයි.සී.සී පූර්ණ සාමාජික රටවල් 12 අතරේ ඩොලර් මිලියන 532.84 ක මුදලක් බෙදී යාමට නියමිත අතර, එය අයි.සී.සී ආදායමෙන් 88.81% ක කොටසක්. ඉතිරි ඩොලර් මිලියන 67.16 (11.19%) මුදල පූර්ණ සාමාජිකත්වය නොමැති රටවල් අතරේ බෙදී යනු ඇති.

යෝජිත ක්‍රමවේදයට අනුව අයි.සී.සී පූර්ණ සාමාජික රටවල් 12 අතරේ ආදායම බෙදී යන අයුරු-

  1. ඉන්දියාව – මිලියන 230 (38.5%)
  2. එංගලන්තය – මිලියන 41.33 (6.89%)
  3. ඔස්ට්‍රේලියාව – මිලියන 37.53 (6.25%)
  4. පාකිස්තානය – මිලියන 34.51 (5.75%)
  5. නවසීලන්තය – මිලියන 28.38 (4.73%)
  6. බටහිර ඉන්දීය කොදෙව් – මිලියන 27.50 (4.58%)
  7. ශ්‍රී ලංකාව – මිලියන 27.12 (4.52%)
  8. දකුණු අප්‍රිකාව – මිලියන 26.24 (4.37%)
  9. බංග්ලාදේශය – මිලියන 26.74 (4.46%)
  10. අයර්ලන්තය – මිලියන 18.04 (3.01%)
  11. සිම්බාබ්වේ – මිලියන 17.64 (2.94%)
  12. ඇෆ්ඝනිස්තානය – මිලියන 16.82 (2.80%)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...